ආකාශ් යළි ක්‍රියාත්මක වෙයි

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 05, කොළඹ LNW:

යාපනය හාර්ට්ලි විද්‍යාලය නියෝජනය කරන දකුණත් පා දඟ පන්දු යවන්නා විග්නේෂ්වරන් ආකාශ් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම වෙනුවෙන් යළිත් කඩුලු අතරට එමින් බටහිර ඉන්දීය කොදෙව් අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් ලැබීම සඳහා මාවත සකසා දුන්නා.වමත් දඟ පන්දු යවන චාමික හීනටිගල ලකුණු 33 ට කඩුුලු 4 ක් දවා ගනිද්දී ආකාශ් පන්දු ඕවර් 8.2 ක් තුළ ලකුණු 19 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගනිමින් කොදෙව් ක්‍රීඩකයින් අසරණ කරනු ලැබුවා.


ආකාශ් ගේ සහ චාමිකගේ පන්දු යැවීම ඉදිරියේ අසරණ වූ කොදෙව් තරුණයින් ලකුණු 138 ට දැවී ගියා.බිඳ වැටෙන කොදෙව් පිතිකරු බලකොටුව රැකගන්න හුදෙකලාව සටන් කළ අංක 3 පිතිකරු එරාෂින්හෝ ෆොන්ටේන් ලකුණු 51 ක් ලබා ගනිමින් ආකාශ් සහ චාමිකගේ අනතුරෙන් කණ්ඩායම ඈත් කරන්නනට දැරූ උත්සාහය නිෂ්පල වුණා.මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් ආකාශ් කඩුලු 11 ක් ලබා ගන්නට සමත් වී සිටිනවා.ඒ සඳහා ඔහු පන්දුවාර 28.2 ක් යවා ඇති අතර ලබා දී ඇත්තේ ලකුණු 82 ක් පමණයි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ හඹා යාමේදී ලකුණු 49 ක් වෙද්දී කඩුලු 2 ක් අහිමි කරගෙන සිටියත්,ආරම්භක පිතිකරු විරාන් චමුදිතට එකතු වූ තරගාවලියේ ශතකලාභි පිතිකරුවා කවීජ ගමගේ තවත් කඩුල්ලක් අහිමි වීමට ඉඩ ලබා දුන්නේ නැහැ.ඔවුන් දෙදෙනාගේ නොබිඳි සබඳතාවය ලකුණු 90 ක් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 2 ට ලකුණු 139 ක් බවට පත් වුණා.වමත් පිතිකරු විරාන් නොදැවී ලකුණු 64 ක් රැස් කළ අතර දකුණත් පිතිකරු කවීජගේ පිත්තෙන් ලැබුණු දායකත්වය නොදැවී ලකුණු 29 ක් බවට පත් වුණා.


තරග තුනක් නිමාවන විට ශ්‍රී ලංකාව තරගවෙලියේ 2-1 ක් ලෙස පෙරමුණේ පසුවන අතර කණ්ඩායම් දෙක සිව්වන තරගය සඳහා සැප්තැම්බර් 7 වන දා මුණගැසීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...