ලේ වැගිරීමක අනතුර ?

පසුගිය අප්‍රියල් 14 මම පහත සටහන මගෙ මූනු පොතේ තැබුව.

ඒහා සමාන ප්‍රකාශයක් මහ බැංකු අධිපතිවරයා පසුගිය දිනක සිදුකර තිබෙනවා.

දැන් මා කියන්නට යන්නෙ

“එයාට කලින් මම කිව්ව, මමයි පොර” කියා නොව,

මා කලේ දේශපාලන ප්‍රකාශයක් ..

ඒ දේශපාලනය වෙනුවෙන් මම අදත් එලෙසම පෙනී සිටිනව. වැඩ කරනව. ඒ නිසාම එයට මා වග කියනව.

එහෙත් මට අද එවන් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නොවන්නේ රට එම අනතුරින් වලක්වා ගැනීමේ ප්‍රතිසංස්කරණ දැන් ඇරඹී ඇති බැවිනි.

මහබැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයද දේශපාලන ප්‍රකාශයකි. එහි අරමුණ සිදුවෙන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට අනතුර තවම් පහව ගොස් නැත ඉක්මන් වෙමුයි, පැවසීමද?
සිදුකලයුතු තවත් දෑ අවධාරණය කිරීමද?

නොඑසේනම් වෙනත්
අරමුණක්ද ?
අනතුරක්ද ?

**************************

මගේ සටහන. ( april 14)

අරගලයට ආදරෙන්
අරගලය ගැන…

මම මේ අරගලයට ආවෙ
හිටපු ජෙප්පෙක් පෙරැට්ටෙක්
හෝ යූඇන්පීකාරයෙක් විදිහට නෙමේ

මිනිහෙක් විදිහට

මේ සුවිශේෂී අරගලය මගහැර යෑම
වගකීම් සහගත පුරවැසියෙකු
නොකලයුතු වැරැද්දක් නිසා

ඒ විතරකුත් නෙමේ

මේ අරගලය
මජර ඒකාධිපති පවුලකට
ඔවුන් වෙනුවෙන් ගොඩනැගුනු
රාජපක්ෂවාදය නැමති
ජාතිවාදී,ආගම්වාදී නරුම
දේශපාලන මතවාදයට
එරෙහි අරගලයක් නිසා

මෙතෙක් වීදි සටන් වල නොසිටි
ඉහල මැදපංතිය, සංස්කෘතික සටන්වල සිටි
මැදපංතිය සහ සෙසු සමාජ ස්තර මේ අරගලය තුල ඒකාබද්ධ වෙලා ඉන්නව.

පක්ෂ එහි යන්න ඕනෙ
මේ එකතුව බෙදන්න නෙමේ
ඒක ශක්තිමත් කරන්න

පක්ෂ බැනර්‍ර් අරන් පෙලපාලි වලින් නෙමේ
ආදරේ අරන් මිනිස්සු විදිහට යන්න.

දැනටමත් මේ සටනෙන්
ජාතිවාදයට ආගම්වාදයට
මරු පහරක් වැදිල
ඒක මම දකින්නෙ
මේ අඩසියවසේ
ලාංකීය සමාජය ලබපු ලොකුම දේශපාලන ජයග්‍රහනය විදිහට

ඒක ලබාදුන් අලුත් පරපුරේ කොල්ලන්ට , කෙල්ලන්ට ආදරෙයි  අම්බානකට.
ඒත් ඒ ආදරේට වශීවෙන්න මට බෑ

දැන් සටනෙ ඉන්නෙ
පවතින තත්වයෙන්
වෙහෙසට පත්වූවන් (fedup)
තව මාසෙකින් එන්නෙ
පීඩාවට පත්වූවන්ගෙ (affected)
අරගලය තව මාසෙකින් එනව.

ඒක ඉවර වෙන්නෙ
Socialism වලින් නෙමේ
Vandalism වලින්
ඒ තරමට ආර්භුදය බරපතලයි.

ඒ නිසා මගෙ සටන
ගෝල්පේස් සටානට වඩා පටුයි

01 21වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
මේකෙ කෙටුම්පතක් ජයම්පති වික්‍රමරත්න දැනටම හදල තියෙන්නෙ.
02 කෙටිකාලීන සහන වැඩසටහනක්
03 දිගුකාලීන ස්ථාවර ආර්ථික වැඩපිලිවෙලක්

හොදම දේ වෙනුවෙන් සටන් කරන්න
ඒ සටනේ අතරමැද ලැබෙන හැම ජයක්ම
එකතු කරගන්න.

ගෝල්ෆේස් සටන හොදින් සිදුවෙමින් ඇත.
එය අත්පත්කර ගැනීමට කුමන්ත්‍රණ කිරීම වෙනුවට
ඔබේ පක්ෂයේ මංත්‍රීවරයාට
19 ඇරබෙනපාර්ලිමේන්තුවෙන්
ඉහත 01 / 02 / 03
වෙනුවෙන් මැදිහත්වීමට බලකරන්න.

****************************

මහ බැංකු අධිපතිගේ කතාව

~ වරුණ රාජපක්ෂ (එජාප ගම්පහ සංවිධායක)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...