තැපැල් ඡන්දය: මහනුවරින් අක්‍රමිකතා ගැන කිසිදු පැමිණිල්ලක් නැහැ!

Date:

කොළඹ LNW:තැපැල් ඡන්ද විමසීමේ තෙවන දිනය වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ ක්‍රියා හා සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් වාර්තාවී නැතැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උනන්දුවෙන් හා සාමකාමීව නිලධාරීන් පැමිණ සිටි බවත් මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තැපැල් ඡන්ද දායකයන් 55 797ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇතැයි ද තේරීම්භාර නිලධාරීවරයා කීවේය.

අද පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී තේරීම්භාර නිලධාරීවරයා මේ බව සඳහන් කළේය.

2024 ජනාධිපතිවරණයට අදාලව නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ කොට ඇතැයි කී ඒ මහතා මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක් දැනුවත් කොට අවසන් බව ද පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික්කයේ 11 ලක්ෂ 91 399 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම්ලබා ඇති අතර සහකාර තේරීම්භාර නිලධාරීන් 68 දෙනෙකු ඡන්දය නිරීක්ෂණය සඳහා පත් කොට ඇත.

මහනුවර දිස්ත්‍රික් ඡන්ද මධ්‍යස්ථානය පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය, පොල්ගොල්ල විවෘත විශ්වව විද්‍යාලය, පොල්ගොල්ල ආදර්ශ විද්‍යාලය සහ මහවැලි විද්‍යා පීඨය වශයෙන් කලාප හතරක් වශයෙන් නම් කොට තිබේ.

ඡන්දය ගණන් කිරීමේ ශාලා 124ක් ස්ථාපිත කරන බවත් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම පොල්ගොල්ල සමූපකාර විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සිදුකරන බවත් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා තවදුරටත් පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...