*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ඔමාරා – පෙරාපු රත්තරන් කෙල්ල

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 06, (LNW) කොළඹ :

ඇය රත්තරන් වටිනා බව දන්නවාය.එහෙත් රත්තරන් දෑසින් දැක හරියට විස්තර කරන්නට නොදන්නීය.ඒ ඇය දෘශ්‍යාබාධිත බැවිනි.එහෙත් ඇය මේ වන විට එවැනි වෙනස්කමක් ඇති ගැහැණියක් ලෙස,ලෝකයේ ඉහළම ක්‍රීඩා හැකියාවන්ට වෙන්වන පැරා ඔලිම්පික් ක්‍රීඩාවේ රන් පදක්කම්ම 10 ක් දිනා ගෙන සිටින්නීය.
මේ මොහොතේ ක්‍රියාත්මක පැරා ඔලිම්පික්ස් උළෙලේ දී, මීටර් 100 ටී 12 සහ මීටර් 400 ටී 12 කාන්තා ඉසව්වල රන් පදක්කම් සමඟින් රන් පදක්කම් 10 ට උරුමකම් කී ඇය නමින් ඔමාරා ඩුරාන්ඩ් එලියස් ය.කියුබාවේ උපන් ඇය ඇයගේ දක්ෂතා වලින් පැරා ඔලිම්පික් රන් පදක්කම් 10 ක් දිනා ගෙක තිබෙනවා පමණක් නොව ටී 12 කාණ්ඩයේ මීටර් 100,200 සහ 400 යන ඉසව් ත්‍රිත්වයේම ලෝක වාර්තාවන් ද දරන්නීය.


• 100 m T12: 11.44
• 200 m T12: 23.02
• 400 m T12: 51.77
ඉහත වාර්තාවන් ශ්‍රී ලංකාවේ අනාබාධිත කාන්තා මීටර් 100 තරගවල වාර්තාවන කාලයත් සමඟ සංසන්දනය කර බලන විට මෙම කාලයන්ගේ විස්මිත බව පහසුවෙන් වටහා ගන්නට හැකිය.


ඇය පැරා ඔලිම්පික් ඉතිහාසය තුළ මෙවර ඔලිම්පික් උළෙලේ දී දිනා ගත් පදක්කම් දෙකද සමඟ දිනා ඇති රන් පදක්කම් ලබා ගත් ආකාරය පහත දක්වා ඇත.මෙහි ඉංග්‍රිසි ජී අකුරෙන් හැඟවෙන්නේ ගෝල්ඩ් යන අරුතය.


2012 London
100 m – T13
2012 London 400 m – T13
2016 Rio de Janeiro
100 m – T12
2016 Rio de Janeiro 200 m – T12
2016 Rio de Janeiro 400 m – T12
2020 Tokyo
100 m – T12
2020 Tokyo 200 m – T12
2020 Tokyo 400 m – T12
2024 Paris
100 m – T12
2024 Paris 400 m – T12

මේ පදකකම් සටහනේ ඇයගේ නම ඉදිරියේ ටී13 නමින් ඉසව්වක් ද දැක්වෙනු ඔබට පෙනේ.ඒ කාලයේ ඇයගේ පෙනීම ටී12 තත්ත්වය තරම් නරක නැත.මිටර් 2- 6 ප්‍රමාණයක දුරක් ඇයට පෙනෙන නිසා සහයට ධාවකයෙක් ද අවශ්‍යය නොවීය.එහෙත් ඇයගේ ජීවිතයට එකතු වූ දියණිය එරිකා ගේ සම්ප්‍රාප්තියත් සමඟ පෙනීම තවත් අඩු වූ බැවින් ඇයට සහයක මඟ පෙන්වන්නෙක්ගේ සහය අවශ්‍යය විය.
ඉනික්බිති ඇයගේ සහය මාර්ගෝපදේශකයා වූ යුනිඔල් කින්ඩෙලන් සමඟ ධාවනයේ යෙදෙමින් ඔලාරා රියෝ ද ජනෙයිරෝ ඔලිම්පික් උළෙලේ සිට දක්ෂතා දක්වන්නට විය.ඇය ලොව වේගවත්ම ධාවිකාව ලෙස ඇගයෙමින් ලෝක වාර්තා කරා යොමුවන්න යුනිඔල්ගේ සහයක මඟ පෙන්වීම බලපාන්නේ ය.ඒ නිසා ඔහු ද රත්තරන් මනුස්සෙක්ය.
ඇයට අප නොපෙනෙනවා විය හැකිය.එහෙත් ඇයගේ ධාවනය අප බලා සිටින්නට ප්‍රිය කරන බව සහතිකය.සජීවීව දෑසින් විඳ තෘප්තිවය පත් විය යුතු ඔමාරා ගේ හැකියාව රත්තරන්වලින් මැන බැලිය හැකි වුව ද,එවැනි මානව සම්පත් හැදින්වීමට උචිතම වචනය පෙරාපු රත්තරන් ය.
ඔබට ඇය ගැන දැන ගන්නට මේ යූ ටියුබ් වැඩ සටහන ද වැදගත් වනු ඇත.
https://www.youtube.com/watch?v=XVWAuRmFx9U

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan