තවදුරටත් කතෝලික ජනතාවට අපහාස කරන්න එපා. පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්න – සජිත් (VIDEO)

Date:

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂයකු ලෙස එවක කාදිනල්තුමා ඇතුළු බහුතරයක් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරතැයි කියන විශ්වාසය මත ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙන ආ බවත් මේ වන විට විදෙස් ගවේෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට මුල් වූ මහ මොළකරුවන් සම්බන්ධයෙන් සුවිශේෂි අනාවරණයක් සිදුව ඇති බවත් මෙරට පාලකයන් ඒ සම්බන්ධයෙන් සත්‍ය සෙවීමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් තමා කණගාටු බවත් ඒ සම්බන්ධ වගකිව යුතු මහමොලකරුවන් සෙවීම මෙරට දී සිදුකළ නොහැකි හෙයින් ඒ සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කාදිනල්තුමා විසින් තමන්ට විරුද්ධව ඡන්දය ලබා දෙන ලෙස එවක පැවසීම සම්බන්ධයෙන් කණගාටු නොවන බවත් එසේ කිව්වේ පාස්කු ප්‍රහාරය නිසා ඇති වූ වේදනාවට බවත් එම වේදනාව කතෝලික ප්‍රජාව තුළ අදටත් තිබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කාදිනල්තුමාට මෙන්ම කතෝලික ප්‍රජාවට අපහාස නොකර වහාම මේ සම්බන්ධයෙන් විධිමත් ජාත්‍යන්තර පරීක්ෂණයකට යා යුතු බව යි.

පොහොට්ටුව බලයට ඒමට පාස්කු ප්‍රහාරය යොදා ගත් බවත් එවක මැතිවරණ වේදිකාවල කතානායකවරයා ඇතුලු පොහොට්ටුවේ හැමෝම කතා කල බවත් එසේ කතා කළත් අදටත් යුක්තියක් ඉටු නොවූ නිසා තවදුරටත් කාදිනල්තුමාටත් කතෝලික ප්‍රජාවටත් අපහාස නොකර ඒ සඳහා විධිමත් පරීක්ෂණයකට යා යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...