ශ්‍රී ලංකාවට සියුම්,විශිෂ්ඨ ජයක්

Date:

ශ්‍රී ලංකාව සිය එක්දින පිටියේ ලබා ගත් තියුණුම ජයග්‍රහණයක් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබා ගත්තේ ලකුණු දෙකකින්ය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය ට තර්ජනාත්මක ලකුණු 292 ක ඉලක්කයක් ලබා දුන්නේය.ඒ එය අභිබවා ගොස් ජය ගැනීමට ඉලක්ක දෙකක් ඔහු ඉදිරියේ තබමින්ය.

එය ඉලක්ක දෙකක් වූයේ අවසාන කණ්ඩායම් හතරට ඒමට බංගලාදේශයට පරාජය වී සිටි ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් නොවුණ නිසාය.එම ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 37.1 දී ඉක්මවා යාම ද ඒ නිසා ජයග්‍රහණයේ සාධකයක් විය.

බැලූ බැල්මට ඉතා දුෂ්කර වූ මෙම ඉලක්කය හඹා යාමේදි,ඇෆ්ගනිස්තාන හිටපු නායක මොහොමඩ් නාබි සිය ජාත්‍යන්තර අත්දැකීම් සමඟ නිර්භීත ඉණිමක් දියත් කරමින් අභියෝගය ජයගත හැකි පැහැදිළි මඟක් ඇෆ්ගනිස්තානයට සකස් කර දීමට සමත් විය.පන්දු 32 දී ලකුණු 65 ක ප්‍රවේගකාරී ඉණිමක් දියත් කළ නාබි ජයග්‍රහණය අසළට ගෙනා ඉණිම විශිෂ්ඨ ජයග්‍රහණයක් බවට පෙරැලීමේ වගකීම ඉනික්බිති භාර ගත්තේ පළපුරුදු රෂීඩ් ඛාන් ය.

රෂීඩ් 36 වන ඕවරයේ හතරේ පහර තුනක්ම එල්ල කරමින් 37 වන පන්දු ඕවරයේ පළමු පන්දුවට ලකුණු දෙකක් ලබා ගැනීම මුජීබ් අර් රහමන්ට පැවරුවද,37 වන පන්දු ඕවරය භාර ගත් ධනංජය ද සිල්වා සිය පළමු පන්දුවෙන් මුජීබ්ව දවා ගනිමින් ඇෆ්ගනිස්තානයේ සුපිරි හතර වටයේ බලාපොරොත්තු සුන් කර දැමීය.

පෙනි පෙනී තිබුණ සුපිරි හතර වටයේ බලාපොරොත්තුව ගිලිහී යාමෙන් ඇෆ්ගනිස්තානය විශාල මානසික පීඩනයකට ගොදුරු වීමෙන් ජයග්‍රහණය ගැන ද අනවශ්‍ය විදිහට පරිස්සම් වීමේ පීඩනයක් ගොඩ නැඟිණි.

ඒ නිසා අවසන් පිතිකරුවා ලෙස පැමිණි ෆරුකී උත්සාහ කළේ 37 වන ඕවරය නිමාවන තෙක් රැදී සිට ජයග්‍රාහී ලකුණ ලබා ගැනීම රෂීඩ් ඛාන්ට පවරන්නටය.ෆරුකී මුහුණ දුන් පළමු පන්දුය ෆුල්ටොස් පන්දුවක් වුව ද එයින් ප්‍රයෝජන නොගත් ෆරුකිට සිදු වුණේ ඊළඟ පන්දුවේදී දැවී ගොස් ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් පිරිනමන්නටය.

දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක ලකුණු 63 ක් පළමු කඩුල්ලට එක් කළ ද,ශ්‍රී ලංකා ඉණිම ලකුණු 86 දක්වා ඒමේදි ලකුණු ප්‍රමාණය ඉදිරියේ කඩුලු 3 ක් ද සටහන් වී තිබිණි.එහිදී කුසල් මෙණ්ඩිස් සිය විශිෂ්ඨත්වය කණ්ඩායම වෙනුවෙන් දායාද කරමින් පන්දු 84 දී ලබා ගත් ලකුණු 92 ශ්‍රී ලංකා ලකුණු පූවරුව 291 දක්වා රැගෙන යාමේ පදනම බවට පත් විය.ඒ ශක්තිමත් ප්‍රවේගකාරී ඉණිම නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි විය.

කසුන් රාජිත සිය පන්දු ඕවර් 10 තුළ ලකුණු 79 ක් ලබා දුන්නද,තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්තානයේ සියල්ලන් දවා ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔහු දවා ගත් කඩුලු 4 බෙහෙවින් ඉවහල් විය.

ජයග්‍රහණය ගැන සතුටු වීම සුබ පැතීම මෙන්ම පසුගිය කාලයේ අභියෝගාත්මක ජයග්‍රහණ එක්දින පිටියේ ලබා දෙන්නට දායක වූ චාමික කරුණාරත්නගේ සාර්ථකත්වය සංචිතය නම් කිරීමේදී නොතකා හැර තිබීම මේ තරගය සම්බන්ධයෙන් කතා කිරීමේදී ද මඟ හැර යා නොහැකිය.ඉතිහාසයේ ශ්‍රී ලංකාවෙ ජයග්‍රහණ ගැන සහ ජයග්‍රහණ නිර්මාණ කළ වීරයන් ගැන කතා කරද්දි,අමතකව යන ඒ ඉතිහාසය වර්ණවත් කිරීමට දායක විය යුතුව තිබූ අසාධාරණ ලෙස ඈත් කර තිබූ ක්‍රීඩකයන් ගැන අමතක වන්නේය.කණ්ඩායම වෙනුවෙන් මේ මොහොතේ සුවිශේෂී දායකත්වයක් දක්වන පුහුණු කාර්ය මණ්ඩලයේ සිටින නවීඩ් නවාස් ද ඉතිහාසයේ හිමිවිය යුතුව තිබූ එවන් කීර්තිය අහිමි වූ පුද්ගලයෙකි.

සමහර විට චාමික ද ඒ කුලකයට අයත් වෙන්නට ඉඩ ඇත.වීරයෝ දක්ෂයෝ සිය වීරත්වය වර්ණවත් කිරීමට යොදා ගන්නන් මිස තමන්ගේ පැවත්ම වෙනුවෙන් දක්ෂයන් නොසළකා හරින්නෝ නොවෙති.

තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසෙන්න.
Result
Sri Lanka vs Afghanistan, 6th Match, Group B
Asia Cup

SL 291/8
AFG 289
Sri Lanka won by 2 runs

Click here to view more @espncricinfo :https://www.espncricinfo.com/series/asia-cup-2023-1388374/afghanistan-vs-sri-lanka-6th-match-group-b-1388400/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...