ඔබත් ඕමානයට යාමට පෙර මෙය කියවන්න

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  විදේශ සේවා නියුක්ති කාර්යාංශය  විසින් ඕමාන් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක් සිදු කර ඇත. ඒ ඕමාන් රාජකීය පොලීසිය විසින් මිනිස් වෙළෙඳාම් පැමිණිලි කිරීම සඳහා විශේෂ අංකයක් හඳුන්වා දී ඇති බවත් , එයට සිංහල භාෂාවෙනුත් පැමිණිලි කිරීමට අවස්ථාව හිමිවන බවත්ය.

මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඕමාන් රාජ්‍යයේ ගැටලුකාරී තත්ත්වයකට පත්ව සිටින තැනැත්තන්ට සිය පැමිණිලි ඕමාන් රාජකීය පොලීසියට සෘජුව ඉදිරිපත් කිරීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දීමට එරෙට රජය මෙලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඕමාන් රාජකීය පොලීසියේ ඕමානයේ මිනිස් ජාවාරමට එරෙහි ජාතික කමිටුව විසින් මෙම පැමිණිලි භාරගැනීම සිදුකරන අත, ඒ සඳහා ඔවුන්ගේ වෙබ් අඩවිය වන www.nccht.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +968 80077444 දරණ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ගාස්තු රහිත ඇමතුම් ලබාගැනීමෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවද සඳහන්.

මෙම ආයතනය විසින් ඉංග්‍රීසි, අරාබි ඇතුළු භාෂා 12කින් පැමිණිලි භාරගැනීම සිදුකරන අතර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඕමාන් රජයෙන් සිදුකළ විශේෂ ඉල්ලීමක් අනුව සිංහල භාෂාවෙන් ද මිනිස් වෙළෙඳාම් සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර , පැමිණිලි කිරීමෙන් අනතුරුව ඕමාන් පොලිස් නිලධාරීන් කඩිනමින් අදාළ වින්දිතයාව එරට විශේෂ ආරක්ෂක ස්ථානයක භාරයට පත්කරන අතර, මිනිස් වෙළෙඳාම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...