*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

නිල විදේශ සංචිත ඩොලර් බිලියන 6 ආසන්නයේ

සටහන – රුවන් නෙළුගොල්ල

2024 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2024 ජුලි මාසයේ දී මෙම අගය පැවතියේ ඇමරිකානු ඩොලර් මිලියන 5,652ක් ලෙසිනි. ඒ අනුව මෙය ජුලි මාසයට සාපේක්ෂව 5.3%ක වර්ධනයකි.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය අගෝස්තු මාසය තුළ දී ඩොලර් මිලියන 5,577 සිට ඩොලර් මිලියන 5,912 ක් දක්වා 6.0% කින් වර්ධනය වී ඇත.

මෙම නිල සංචිත වත්කම් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan