ඇමතිවරයකුගේ කුමන්ත්‍රණයක් ගැන මුජිබර් රහුමාන්ගෙන් CIDයට පැමිණිල්ලක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ප්‍රහාරයේ චූදිතයකු ලවා අසත්‍ය චෝදනාවක් තමන්ට එල්ල කර තමන්ව අත් අඩංගුවට පත්කිරීමටත් ඒ හරහා සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමටත් ආණ්ඩුවේ ඇමතිවරයකු ඇතුළු පිරිසක් කුමන්ත්‍රණයක නිරත වන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවේදී ද විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර ඊයේ (06) දිනයේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

“වර්තමාන රජයේ ඇමතිවරයෙක් හා ඔහුගේ ගෝලයෝ දෙන්නෙක් – එයින් එක්කෙනෙක් පහුගිය කාලේ මුදල් වංචාවලට එහෙම සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්, අස්ලම් කියලා – ඔහු සමග බන්ධනාගාරයේ අවුරුදු පහක් තිස්සේ අපරාධ සම්බන්ධව චූදිතයෙක් වෙලා ඉන්න පුද්ගලයෙකුව ගිහිල්ලා හම්බවෙලා, ඒ පුද්ගලයා ලවා මට විරුද්ධව ප්‍රකාශයක් ලබාගනිමින් මේක අපේ දේශපාලන මැතිවරණ ව්‍යාපාරයට විරුද්ධව පාවිච්චි කරන්න, ඔහුට යම් යම් වරප්‍රසාද ලබාදෙන්න යෝජනා කරලා තිබෙනවා. ඒ යෝජනා කරපු දේවල් මට වාර්තා වුණා. ඒ වාර්තා වුණත් එක්කම මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා මම අද ඇවිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගේ පැමිණිල්ල ඉදිරිපත් කළා. මගේ පැමිණිල්ලේදී මම පැහැදිලිවම කියලා තිබෙනවා මේ පුද්ගලයෝ ගිහිල්ලා ඒ චූදිතයාව හම්බවෙලා ඔහු ලවා මට විරුද්ධව අභූත සහ අසත්‍ය කරුණු හෙළිදරව් කරවමින් එක්කෝ අපේ දේශපාලන මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න, ඒ වගේම මාව අත් අඩංගුවට අරගෙන සිරභාරයේ තබාගන්න යම් කුමන්ත්‍රණකාරී සැලැස්මක් ආණ්ඩුව මගින් දැනුවත්ව ක්‍රියාත්මක කරලා තිබෙනවා කියලා. මම විශ්වාස කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉතා කඩිනමින් ක්‍රියාත්මක වෙයි කියලා”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ CIDයට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...