මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහනයෙන් මිදී ආ පිරිස කියන කතාව!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ (LNW):

මියන්මාරයේ ත්‍රස්ත පාලන ප්‍රදේශයක චීන පාතාල කණ්ඩායම් ග්‍රහණයේ සිට මුදාගත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනා දිවයිනට පැමිණියහ. මීට දින කිහිපයකට පෙර ඔවුන් මුදා ගැනුණු අතර තායිලන්තයේ බැංකොක්හි සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ අයි.ඕ.එම් හෙවත් සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහය යටතේයි.

මියන්මාර  තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ තියන ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50 කට වැඩි පිරිසක් බලෙන් රඳවාගෙන සිටියහ. පරිගණක රැකියා දෙනවා කියල මෙයාලව මියන්මාරයට අරන් ගිහින් විවිධ පරිගණක අපරාධවලට යොදවා තිබුණු අතර, ඒ අපරාධ ඉලක්ක සම්පුර්ණ කරගැනීමට නොහැකි අතර, ඉතාම ආමාරු කාර්‍යකි.

දිනපතා දෙන ඉලක්කය සම්පුර්ණ කරගන්න බැරි වෙන අපේ තරුණ තරුණියන්ට චීන අපරාධකරුවො කරන්ට් එක අල්ලනවා. දරුණු ලෙස පහර දෙනවා. චීන අපරාධකරුවො, ඒ වගේ වද හිංසා, පුරුද්දක් විදිහට කරගෙන ගියා. පහුගිය අවුරුද්ද පුරාවටත්,අද දක්වාත් , ළමයින්ගේ අම්මලා තාත්තලා,අයි,ඕ එම් එක වගේම මියන්මාර තායිලන්ත තානාපති කාර්යාල, විදේශ කටයුතු අමාත්‍යංශය, ඇතුළු විශාල පිරිසක් කණ්ඩායමක් විදිහට තවමත් ඉන්නේ ලොකු සටනක. ලංකාවට ආව 20 දෙනා වගේම ඊට ඉස්සල්ලා ලංකාවට ආව අට දෙනා මුදාගන්න ලැබුනේ මේ ඔක්කොම එකතු වෙලා ඒ වෙනුවෙන් වැඩකරපු නිසා. විශේෂයෙන්ම ළමයින්ගේ අම්මලා තාත්තලා අව්ව වැස්ස බලන්නේ නැතුව පාරවල් ගානේ රස්තියාදු වෙවි මේ ළමයින්ව බේරගන්න නොනවත්වා සටන් කළා. අයි.ඕ.එම් ඇතුළු සංවිධානවලින් එදා මවුපියො ඉල්ලුවේ කොහොම හරි දරුවෝ ටික බේරලා දෙන්න කියලා. මීට කලින් ලංකාවට ආපු 8 දෙනාත්,  05 වෙනිදා ආපු 20 දෙනාත් බේරාගන්නට අයි.ඕ.එම් එක,  ඒ කියන්නේ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විශේෂ වැඩ කොටසක්  ඉටු කළා” ලෙස ඉන් මිදී ආ එක් අයෙකු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එදා වේල ටුවර්ස් වැඩවලට අපි බය නෑ. NPP කියන්නේ යෝධ පවුරක් – නි. ඇමති වටගල

කොළඹ LNW: විපක්ෂයේ එදා වේල ටුවර්ස් වැඩවලට ආණ්ඩුව බය...

ගාසාවේ කඳුළු අවසන් නැද්ද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට, ...

යෝෂිතගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...

නාරාහේන්පිට මහල් නිවාස ගින්න නිවන්න ගිනි නිවන රථ 13ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : නාරහේන්පිට, දාබරේ මාවතේ...