ජනාධිපතිවරණ විවාදය පැවැත්වෙයි. දිලිත් ජයවීර විතරක් එයි !

0
2865

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින් පොදු වේදිකාවට ගෙන එමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති විවාදයට ලක්කිරීම සඳහා මාර්තු 12 ව්‍යාපාර විසින් සූදානම් කර තිබුණු විවාදයේ පළමු දිනයේ කටයුතු අද (07) සිදුකෙරිණි.

අද දිනයේදී සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන මහත්වරුන් අතර විවාදය පැවැත්වීමට නියමිතව තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයින් පැමිණීමට නොහැකි බව දැනුම් දී තිබුණු හෙයිනි.

කෙසේවෙතත් අවසානයේ අද මෙම විවාදයට පැමිණ තිබුණේ දිලිත් ජයවීර මහතා පමණි.

ඒ අනුව විවාදය විවාදයක් නොව සාලිය පීරිස් මහතා සහ දිලිත් ජයවීර මහතා අතර සංවාදයක් බවට පත්වුණි.