සාම ක්‍රියාකාරිනියගේ මරණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රයලයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(06)දිනයේදී වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ විරෝධතාවක් අතරතුර සාම ක්‍රියාකාරිනියක වන ඇමරිකන් හා තුර්කි ද්විත්ව පුරවැසියකු වන අයිසෙනුර් අයිගිගේ මරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රයලයෙන් ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

26 හැවිරිදි අයිසෙනුර් අයිගි නගරයේ යුදෙව් ජනාවාස ව්‍යාප්ත කිරීමට එරෙහිව සතිපතා පැවති විරෝධතාවයකට සහභාගීව සිටියදී ඊශ්‍රායල හමුදා විසින් හිසට වෙඩිතබා ඝාතනය කළ බව ඇසින්දුටු සාක්ෂිකරුවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stéphane Dujarric ප්‍රකාශ කර තිබුණේ, අපට අවශ්‍ය වන්නේ තත්වයන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් දැකීමට සහ ජනතාව වගකිව යුතු බවයි.

ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ෂෝන් සැවෙට් මේ සම්බන්ධයෙන් වොෂින්ටනය ඇමරිකානු පුරවැසියෙකුගේ ඛේදජනක මරණයෙන් දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව මාධ්‍ය වෙත ප්‍රකශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...