ජනතාව යාළුවෙලා මුං ඔක්කොම එළවන්න ඕනෙ මල්ලි ! – රංජන් (VIDEO)

Date:

අරගලය අවසන් යැයි පාලකයින් සිතා සිටින නමුත් එය එසේ නොවන බවත් මේ අරගලයේ පටන් ගැන්ම පමණක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

“දැන් එකකින් මම බාගයක් නිදහස්. අනිත් එකට මට අත්හිටවූ සිරදඬුවම් අවුරුදු පහකට. ඒක හින්දා මට මේවගේ වචනයක් වැරදුණොත් අර පහ ක්‍රියාත්මක වෙනවා, ප්‍රවේශමින් ප්‍රශ්න අහන්න”

ප්‍රශ්නය – ඔබතුමාට අර ලැබුණු තානාපති තනතුරේ වැඩ පටන් ගත්තාද ?

“මම කිව්වෙ මේක මම ගත්තොත් උන් ඔක්කොම යාළුවො මල්ලි කියලා, මම ඩීල් එකක් දැම්මා කියලා, මට හොඳ නෑ ඒක. මම මගේ ඩියුටිය දිගටම කරන්නම්, මට තනතුරු අවශ්‍ය නෑ කියලා”

ප්‍රශ්නය – තරහා වෙච්චි අය යාළු කරන්න කැමති නැද්ද ?

“ජනතාව යාළුවෙලා මුං ඔක්කොම එළවන්න ඕනෙ මල්ලි. මේගොල්ලො හිතනවා මල්ලි මේ අරගලය නැවැත්තුවා කියලා. මේ අරගලය නැවතුන්නෑ මල්ලි, ඔය පටන් ගැන්ම. ඕක ගිනිකන්දක් වගේ මල්ලි. මේක පීඩනය පපුවෙ හිරකරගෙන තෙරපාගෙන ගිනිකන්ද වගේ ලෝදිය පුපුරනවා දැන්. කට්ටිය හිතනවා දැන් පාන්දර දෙකහමාරට ගිහිල්ලා ගැහුවා, මේක හරි, දැන් ශේප්, වැඩේ ඉවරයි කියලා. ඉවර නෑ මල්ලි. හොරකම් කරපු, මැරකම් කරපු, මැරකම් කරලා හම්බකරපු අයගේ ජනතාවගේ මුදල්වලින් හදපු ගෙවල්වලට වන්දි ගෙවනවා මල්ලි. ඒ වන්දි ගන්නත් ගෙවල් එක තියෙන එකා දෙක දාලා. රත්තරන් පවුම් 10ක් ගෙදර තියෙන එකා නෑ මගෙ ගෙදර විස්සක් තිබුණා කියලා, තිහක් තිබුණා කියලා බොරු බජට් දාලා. ඒකත් අයකර ගන්නෙ අපේ පාන්වලින්. අරගලය මල්ලි සර්ව සාධාරණයි”

රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...