ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට එරෙහිව පෙත්සමක්

Date:

ග්ලයිෆොසේට් වල්නාශක ආනයනය තහනම් කරමින් පනවා තිබූ නියෝගය ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජරනාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය හා නීතිපතිවරයා නම්කර තිබේ.

ග්ලයිෆොසේට් භාවිතය හේතුවෙන් මෙරට ජල මූලාශ්‍රවලටව, පස් හා පැළෑටිවලට දැඩි හානියක් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් වැඩිදුරටත් පවසන්නේ මේ හරහා මිනිස් සෞඛ්‍යයට මෙන්ම මත්ස්‍යයන්, පක්ෂීන් වැනි ජීවීන්ටද හානි සිදුවන බවයි.

ග්ලයිෆොසේට් ආනයනය තහනම ඉවත් කිරීම හරහා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, තහනම ඉවත් කිරීමේ නියෝගය බලරහිත කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...