ලිමිණි වීරසිංහ රාජපක්ෂ 12 වෙනිදා අනුරාධපුරයට එයි. පොහොට්ටු වේදිකාවට නොඑයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි වීරසිංහ රාජපක්ෂ සැප්තැම්බර් 12 වනදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියේ වේදිකාවට ගොඩනොවනු ඇති බව වාර්තා වේ.

නාමල්ගේ සහ ලිමිණිගේ විවාහ සංවත්සරය ද සැප්තැම්බර් 12 වෙනිදාට යෙදී ඇති බැවින් ඇය එදින අනුරාධපුරයේ සිද්ධස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර රැලියේ වේදිකාවට ගොඩනොවනු ඇති බවක් මුලින් ප්‍රකාශ වී තිබුණ ද ඒ මහතා එම වේදිකාවට පැමිණ ජනතාව අමතනු ඇති බවටයි නවතම තොරතුරු වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...