අද දිනයේ නිවසේ රැඳී සිටින්න –

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත්කර ඇති බැවින් අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වු අතර, මේ වනවිට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෙදාහැර ඇති බව පැවසේ.

අද ඉරිදා දිනයක් වුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව, මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා සිටියේය.

එනිසා අද දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙස ඒ මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි. මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ මස 14 වනදා දක්වා සිදුකිරීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

රතු පලස දිගේ දිදුලන තරු… අමතක නොවන fashion moments…...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...