ධම්මික පෙරේරා ලාෆ්ස් සමූහයත් එකතු කරගනිමින් ගෑස්, සුපිරි වෙළඳසැල්, ලිහිසි තෙල් සහ ටයර් වෙළඳපොලටත් පිවිසෙයි !

Date:

ශ්‍රී ලංකාවේ දැවැන්තම ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා සිය ව්‍යාපාර ජාලයට ලාෆ්ස් හෝල්ඩිංස් ලිමිටඩ් සමූහයත් ඇතුළත් කරගෙන තිබේ.

ඒ අනුව ධම්මික පෙරේරා මහතාගේ නවතම ආයෝජන ව්‍යාපාරය වන වැලිබල් 3 සමාගම, ලාෆ්ස් හෝල්ඩිංස් ලිමිටඩ් සමග 50 : 50 හවුල්කාරීත්වයකට එළඹ ඇත.

ධම්මික පෙරේරා මහතා සහ ලාෆ්ස් හෝල්ඩිංස් සම නිර්මාතෘ ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා මෙසේ මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් 50 : 50 හවුල්කාරීත්වයකට එකඟ වී ඇති අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙතෙක් 51 % හෝ ඊට වැඩි හිමිකාරීත්වයක් සහිතව ව්‍යාපාර අත්පත් කරගැනීමට යොමුව සිටි ධම්මික පෙරේරා මහතා මෙතැන් සිට 50 : 50 හවුල්කාරීත්ව ගනුදෙනුවලට ද විවෘත වීමයි. මෙය උසස් කළමනාකාරීත්වයක් සහ ඉහළ හැකියාවන් සහිත ව්‍යාපාර සමූහවලට මහඟු අවස්තාවක් වනු නියත ය.

මෙම ගනුදෙනුවේදී ලාෆ්ස් සමූහයේ අනෙක් සම නිර්මාතෘවරයා සහ උප සභාපතිවරයා වන තිලක් ද සිල්වා මහතා සතුව 40% ක කොටස් පවතින අතර ඉතිරි 10% පිළිබඳව තවමත් එකඟතාවකට පැමිණ නොමැති බව සඳහන්. එම එකඟතාවන් සම්පූර්ණ වූ පසුව වැලිබල් 3 සහ ලාෆ්ස් හෝල්ඩිංස් සමාගම් දෙක මෙම ගනුදෙනුවේ මිල ගණන් සහ අනෙකුත් තොරතුරු නිල වශයෙන් නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

මෑතකදී සිය 30 වැනි සංවත්සරය සැමරූ ලාෆ්ස් හෝල්ඩිංස් සමූහය සතුව විවිධාංගීකරණය වූ ව්‍යාපාර 25ක් පවතින අතර සේවකයින් 3500ක් පමණ එහි සේවය කරති. බලශක්ති, වෙළඳාම්, නිවාඩු නිකේතන, නිෂ්පාදන කර්මාන්ත, ඖෂධ, ඉංජිනේරු සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක ක්‍රියාත්මක වන ලාෆ්ස් සමූහයේ ව්‍යාපාර ශ්‍රී ලංකාව තුළ මෙන්ම බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය යන රටවල ද විහිද පවතී. මෙහි වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 160 කට අධික වන බවත් සඳහන්.

බැංකු, මූල්‍ය සමාගම්, සංචාරක හා විනෝදාස්වාද, වැවිලි කර්මාන්ත, රබර් නිෂ්පාදන, රෙදිපිළි, විදුලිබල, සිමෙන්ති, ටයිල් හා නානකාමර උපාංග, විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩ, වාහන, ඇලුමීනියම් ඇතුළු නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර ගණනාවකට විහිදුණු ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ ව්‍යාපාර කළඹකට හිමිකම් කියන ධම්මික පෙරේරා මහතා මෙම ගනුදෙනුවත් සමග ගෑස්, සුපිරි වෙළඳසැල්, ලිහිසි තෙල් සහ ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රවලට ද අවතීර්ණ වනු ඇත.

මෙය එම ක්ෂේත්‍රවල තරගකාරීත්වය වඩාත් පුළුල් කරමින් සමස්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ එම ක්ෂේත්‍ර වඩාත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමට මහඟු පිටුවහලක් වනු ඇති බවයි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සඳහන් කරන්නේ.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබය ඇතුළු විපක්ෂය සමඟ අඛණ්ඩව වැඩ කිරීමට එජාපයෙන් තීරණයක්!

කොළඹ LNW: සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ සෙසු කණ්ඩායම්...

ඉන්දියාව ලංකාවට පැවරූ අඩු ලකුණු වාර්තාව එංගලන්තය අප්‍රිකාවට පවරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: යමක් සිඳු වූ විට...

නෝර්වේහි පාර්ලිමේන්තු මැතිවරණය අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (08) දින...