එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසිවාරය අද ඇරඹෙයි!

Date:

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60වන සැසිවාරය අද (08) ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවරදී ආරම්භ වීමට නියමිතයි.

එම සැසිවාරය අද (08) සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වෙන අතර ඊට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාර අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවා අගනුවර බලා පිටත්ව ගොස් තිබේ.

බාහිර මැදිහත්වීම් ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රයත්නයන්ට බාධාවක් හා ජනගහනය ද්‍රැවීකරණය කිරීමට පමණක් හේතුවන බැවින් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර ඇති නිගමන හා නිර්දේශ සමග ශ්‍රී ලංකා රජය කිසි ලෙසකින් එකඟ නොවන බව අවධාරණය බවත් මානව හිමිකම් සමුළුවේ 60 වන සැසිවාරයට සහභාගි වන අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ට පමණ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත අතර මානව හිමිකම් මහ කොමසාරිස් වෝලකර් ටර්ක් හා අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය තවදුරටත් සඳහන් කරයි.

මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මෙරට සංචාරයකින් අනතුරුව හා ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරකින් පසුව පැවැත්වෙන මෙම සමුළුවේ දී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රගතිය හා ඉදිරි සැළසුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ අතර සැසිවාරය ආරම්භයේ දී මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත කරුණු දැක්වීමේදී මෙරට නවතම මානව හිමිකම් තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාවට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඉදිරිපත් කරන කරුණු දැක්වීම්වලට අමතරව මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද සහභාගී වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාන්සාට ඇප!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාරගත කර සිටි...

2029 නියත ජනපති මෙන්න!

කොළඹ LNW:2029 දී නියත ජනපති නාමල් රාජපක්ෂ බව ශ්‍රී...

සජබය ඇතුළු විපක්ෂය සමඟ අඛණ්ඩව වැඩ කිරීමට එජාපයෙන් තීරණයක්!

කොළඹ LNW: සමඟි ජන බලවේගය සහ විපක්ෂයේ සෙසු කණ්ඩායම්...

ඉන්දියාව ලංකාවට පැවරූ අඩු ලකුණු වාර්තාව එංගලන්තය අප්‍රිකාවට පවරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 08, කොළඹ LNW: යමක් සිඳු වූ විට...