*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

අමාත්‍යංශය නිදි කිරයි-අර්ජුන ක්‍රිකට් ගහයි-පාපන්දුව ගේම් ගහයි

පාපන්දු සම්මේලනය නියෝජනය කරන පිරිස්ම එළියට පැමිණ එය දූෂිත බව කියයි.ඒ කිසිවක්ම අවශ්‍යය නැත.ක්‍රීඩා අමාත්‍යංශයේම විමර්ශන කමිටුව කරන ලද පරීක්ෂණයකින් වත්මන් පාපන්දු සභාපතිවරයා ක්‍රීඩා පරිපාලනයක තනතුරක් දරන්නට නුසුදුසු බවට පවසා ඇත.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා,අමාත්‍යංශයේ ලේකම්වරයා,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද,දූෂණ මඩින බව කියන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ද එම පුද්ගලයා සමඟ ජාත්‍යන්තර පාපන්දු නියෝජිතයන් පිරිසක් පිරිවරා ගෙන කඳේ දමමින් ඇත.එපමණක් නොව ජාත්‍යන්තරයට සිටින ප්‍රධානියා සම්බන්ධයෙන් ඇති වි තිබෙන විශ්වාසය කඩවිම නිසා නව අතුරු කමිටුවක් මඟින් සහ නීති ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් ජාත්‍යන්තර සම්මේලනයද මීට පෙර දන්වා ඇති පරිදි ව්‍යවස්ථාව වෙනස් කර ඉදිරි මාස කිහිපයේදි ඡන්දය පැවත්වීමට අවසර දෙන ලෙස කළ යුතු ඉල්ලිම මඟහැර තව මාස දෙකකට පාපන්දු අනුභවයට ඉන්න සභාපතිවරයාටම අවස්ථාව දීමය.එසේම පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුම පොළිස් විමර්ශනයේ නිර්දේශ ශත පහකට ගණන් නොගෙන සභාපතිවරයා සමඟ කටයුතු කිරීමද අපූරුය.

ණයට දුවපු ක්‍රිකට් ඩොලර් මිලියන තිහක ස්ථාවර තැන්පතුද සමඟ රටේ වෙනත් ක්‍රීඩාවන්ට මෙන්ම රටේ අවාසනාවන්ත තත්ත්වය හමුවේ රටට ද ආධාර දෙන තත්ත්වයේ තිබියදී (ක්‍රිකට් සමස්තයම සුදුය යන්න මෙහි හැඟවීම නොවේ) ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා අනිත් ක්‍රීඩාවල දූෂණ පසෙක තබා ක්‍රිකට් පස්සේ ඉව කරමින් සිටින බව පැහැදිළිය.මලල ක්‍රීඩා පරිපාලනයට පසුගිය දවසක බරපතල චෝදනා එල්ල විය.ක්‍රීඩා අමාත්‍යවරයාම ඊට සංවර්ධන දෙපාර්තමේන්තුවම වගකිව යුතු බව කීවේය.අද ඒ කිසිවක් නැත.එකට අසුන්ගෙන ඒ අයට අනිත් ක්‍රීඩාවලට ඕනෑම අනතුරක් කරන්න දී ක්‍රිකට්වලට කුරුමාණම් අල්ලමින් ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයා අලුත් වචන කියන පරණ අමාත්‍යවරයාගේ වැඩවලට හානියක් නොවන්නට ඔහුගේ විරෝධතා,ඔහුගේ ඇගැළුම්කම් ඒ විදිහටම පවත්වා ගෙන යන්නට කටයුතු කරමින් සිටින අතර එසේ නොවන බව කියන්නට තමන්ට අවශ්‍යය දේ කරගෙන යන්නට වෙනස් මුහුණු දෙක තුනක් එල්ලාගෙන ඇත.නමුත් අමාත්‍ය කාර්ය මණ්ඩලය දුටු විටම තත්ත්වය පැහැදිළි වන අතර පාපන්දුව සම්බන්ධ විමර්ශණ තීරණ ක්‍රියාවට නොනැඟෙන්නේ ඇයි ද යන්න ද සිතා ගන්නට අපහසු නැත.

පාපන්දු සභාපතිවරයාට තමන්ගේම විධායක නිලධාරි මඬුල්ලේ සිටින ජ්‍යේෂට උප සභාපතිවරයා එල්ල කරන චෝදනාවන්වලදි ගිණුම් ඉදිරිපත් නොකිරීම,මුදල් පාලනය සියතට ගැනීම වැනි කරුණු ද ඇත.එම සැක සහිත ගිණුම් දත්ත අතර හිටපු අමාත්‍යවරයාගේ තාත්තා වෙනුවෙන් පැවත් වූ සිව්කොන් අගමැති තරගාවලිය ද ඇත.ඒවාට වියදම් දැරූ ආයකන පවා තවමත් පාපන්දු පරිපාලනයට පවා හෙළිදරව් නැති අතර ලක්ෂ තුන්සියක කෑම කෑමට පාපන්දුව ද අතුරු පක් විදිහට හෝ අනුභව කරන්නට ඇතැයි සිතෙනාකාරයේ වියදමකි.
මාස දෙකකට දීර්ඝ කරලා ඡන්දෙට යන්න අවසර දෙන්න කියා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් එන විදිහට පාර හදාගත් සාකච්ඡා ඕනෑතරම් විය හැකිය.ජෝෂප් සෙප් බ්ලැටර් ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සභාපතිවරයා සිට ජීවිත කාලයටම වූ පාපන්දු තහනමකට ලක් වෙන්නේ තනිවම නොවේය.අසළින් සිටි ඇතැම් පාපන්දු බලදාරීන්ද ඊට ගොදුරු විය.තනිව කෑම සිරිත නොවන අතර කෑම අනුමත කරගන්න පිරිස් ද සාමාන්‍යයෙන් අසළින් තියා ගැනීම සමූහ කෑමකදි සිඳුවන දෙයක් බව ජාත්‍යන්තර පාපන්දු සහ දේශිය පාපන්දුව ද අපට උදාහරණ සැපයූ ඉතිහාසයක් ඇත.

නමුත් දේශිය වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ විමර්ශන කමිටුවකින්ම කිසිඳු නිලයක් දැරීමට නුසුදුසු බවට නිර්දේශ කර තිබේනම් ඒ බව ජාත්‍යන්තර පාපන්දුවට දැණුම් දීම දේශිය ක්‍රීඩා පරිපාලනය පැත්තෙන් සිඳුවිය යුතුය.ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව නොදන්නේද?ලේකම්වරයානම් නොදැන සිටින බව කිව හැකිය.අමාත්‍යවරයා ද නොදැන සිටින බව කිව හැකිය.ඒ “අපි අලුත්” යන තියරිය ගෙන එමින්ය.නමුත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අලුත් නැත.මේ තොරතුරු මේ වන විට ජාතික ක්‍රීඩා සභාවට ද ගොස් තිබිය යුතුය.

පාපන්දුව යෙහෙන් වැජඹෙන්නේ නැත.එහි නිලධාරි යෙහෙන් වැජඹෙන්නේය.ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් රොද්‍රගෝ පවසන අන්දමට ලක්ෂ 5000 ක් වියදම් කර ඇත්නම් එයින් ලබා තිබෙන ප්‍රතිපලය කුමක්ද?ශ්‍රී ලංකාව පාපන්දු ශ්‍රේණිගත කිරිම්වල 207 ට පහතට වැටීමය.ගාණක් හැටියට ගත්තම එය තිබුණාට වඩා ලොකු එකකි.එහෙම හිතා අමාත්‍යවරයා,ලේක්මවරයා,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම ජාතික ක්‍රීඩා සභා සභාපති අර්ජුන රණතුංග ද හිතනවාද නොදන්නේය.

පාපන්දු රැක ගැනීම රගර් එළවීම යන කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයාට අවශ්‍යය න්‍යාය පත්‍ර හදන්නට අමාත්‍යවරයාගේ අසළ සිටින අයම උනන්දු වනු ඇත.ඒ සඳහා අතපෙවීමෙන් වැළකී මූනිච්ඡාවට ක්‍රීඩක හමු නිලධාරි හමු සූදානම් කරමින් හෙමින් සීරුවේ ක්‍රිකට් සඳහා තඩිබෑමට කරුණු හෙවීම අර්ජුන කරගෙන යනු ඇත.ක්‍රීඩා අමාත්‍යංශයෙන් පාලනය වන සුගතදාස ක්‍රීඩාංගණයට අයත් සුගතදාස පිටියේ මෙන්ම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ ද ජාත්‍යන්තර මට්ටමට යාමට සුදුසුකම් ලබන්නට උත්සාහ කරන කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිඳුවන අසාධාරණකම් ගැන සොයන්නට ජාතික ක්‍රීඩා සභාව උත්සාහ නොකරන්නේය.සමහර ක්‍රීඩාංඝණ භාරව සිටින පුහුණුකරුවන් එම ක්‍රීඩාංගණ තමන් යටතේ පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයෙන් වියදම් කර තනා දුන් පෞද්ගලික දේපළක් ලෙස සළකා හැසිරෙමින් ඇත.ක්‍රීඩා අමාත්‍යවරයා,ලේකම්වරයා,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හෝ ජාතික ක්‍රීඩා සභාවේ අය ඒවා නොදනිති,නොදකිති,

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් ස්වාධිනව කටයුතු කර යුතු වුණත් ඇතැම් පරිපාලනවලට අංචි ඇදීමට ඒවාට විරුද්ධව ප්‍රසිද්ධියේ පෙනී සිටින්නට එම චෝදනාවන් හේ චෝදනාවන්ට පදනම් අභියාචනා නියෝජනය කරමින් ප්‍රසිද්ධියේ පෙනි සිටිමින් ඇත.අර්ජුනට ඒවා අදාළ නැත.ඒ සමහර නිලධාරීන් මේ වන විටත් ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාරවල නියැලෙමින් ක්‍රීඩා අමාත්‍යංශයෙන් තවමත් ඒ සඳහා වන මුදල් පියවා ගැනීමට උත්සාහ දරමින් සිටින්නෝය.(සමහර විට මේ සාමාජිකත්වය භාවිතා කර එයට ප්‍රමුඛතාවය දි දැන් නිදහස් කරගෙන ද තිබිය හැකියි)
පදක්කම් හතර පසුපස දුවමින් සිටින ක්‍රීඩාවේ සියල්ලෝම සමඟ ජාතික ක්‍රීඩා සභාවද එකඟ ද අපි නොදනිමු.නමුත් එම තරගාවලියේදි පිහිණුම් සහ මලල ක්‍රීඩා වාර්තා නව වාර්තා තැබූ අයව ද,දක්ෂතා දැක් වූ රගර් කණ්ඩායම ද කැදවා අගය කිරීම වටින වැඩකි.ජාත්‍යන්තර අත්දැකීම් ඇති කණ්ඩායම් ක්‍රීඩාවක නියැලි අයෙක් හැටියට එවැනි දිරිදීමක සහ වචනයක වුව ඇත්තේ කොපමණ බලටක්ද යන්න අර්ජුන නොදන්නවා විය නොහැකිය.ඒ නිසා අර්ජුන රණතුංග ක්‍රිකට් සමඟ පමණක් නොගැටී සමස්ත ක්‍රීඩාවන්ට මුහුණ දෙන්න වෙන ගැටළු නියෝජනය කරමින් ක්‍රීඩාව පැත්තේ සිට ගැනීම වැදගත්ය.අපි තව දුරටත් ක්‍රීඩකයෙක් හැටියට හර දේ කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට අර්ජුන බලපෑම් කරනු ඇතැයි විශ්වාස කරන්නෙමු.හැබැයි ඒ අර්ජුන යනු ක්‍රිකට් ඇරියස් කවර් කර ගැනීමට පමණක් මේ පුටුවේ ඉඳගත් අයෙක්නම් ඒ බලාපොරොත්තුව ඉටු නොවන බව ද අපි දනිමු.එසේනම් වන්නේ අනිත් ක්‍රීඩා අනිත් අයට ඕනෑ විදිහට අනුභව කර අර්ජුන ක්‍රිකට් අනුබව කිරීම විය හැකිය.
පහත දැක්වෙන්නේ ක්‍රීඩාවේ පරිපාලන තනතුරකට නුසුදුසු බවට විශේෂ විමර්ශනයකින් සනාත වී තිබියදී ජාත්‍යන්තර චරිත කිහිපයකුත් සමඟ ක්‍රිඩා අමාත්‍යවරයා සහ ප්‍රධාන නිලධාරී සමඟ පාපන්දු සම්මේලන සභාපතිවරයාගේ ද සහභාගීත්වය ඇතුව පැවත් වූ උජාරු සාකච්ඡාවේ ඡායාරූපය.ඒ සමඟම තවමත් අමාත්‍යවරයා,ලේකම්වරයා,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ජාතික ක්‍රීඩාසභාවේ සභාපතිවරයා දැක නැත්නම් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කරන ලද ලිපියද මෙයට අමුණමි.එය සභාපතිවරයා වෙන්නත් පෙර තනතුරකට නුසුදුසු සේ ලේකම්වරයාව සිටියදී ක්‍රියා කර ඇති ආකාරය පෙන්නා දෙන නිර්දේශයකි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan