අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (08) නියම කළේය.
ඒ අනුව, එදින අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සනත් නිශාන්ත මහතා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි ද නිකුත් කර තිබේ.
RN