උද්දික පුතා පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි. සිස්ටම් චේන්ජ් එකට තනියෙන් නායකත්වය දෙනවා ලු !

Date:

තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එම විශේෂ ප්‍රකාශයේදී උද්දික මහතා පැවසුවේ තමන් 2020 දී මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණියේ ක්‍රම වෙනසක් (system change) සඳහා වුවත් එම වෙනස අද වනතුරුම පාර්ලිමේන්තුව තුළ හෝ සමාජය තුළ සිදුවී නොමැති බවයි.

එහෙත් සමාජය වෙනස් කිරීමේ අරමුණ තවමත් තමන් සතුව පවතින නිසා ඒ සඳහා ගමන තනිවම ආරම්භ කරන බවත් එම සිස්ටම් චේන්ජ් එකට තමන් නායකත්වය දෙන බවත් පැවසූ ඒ මහතා පටු දේශපාලන අරමුණුවලින් තොර සැබෑ යහපත් පුරවැසියන්ට තමන් සමග එක්වන්නැයි ආරාධනා ද කළේය.

එහි මූලික පියවර වශයෙන් තමන් මෙසේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනප්‍රිය නළුවකු වන උද්දික ප්‍රේමරත්න මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පසුගිය මහමැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරගකර ජයග්‍රහණය පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...