උද්දික පුතා පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි. සිස්ටම් චේන්ජ් එකට තනියෙන් නායකත්වය දෙනවා ලු !

Date:

තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එම විශේෂ ප්‍රකාශයේදී උද්දික මහතා පැවසුවේ තමන් 2020 දී මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණියේ ක්‍රම වෙනසක් (system change) සඳහා වුවත් එම වෙනස අද වනතුරුම පාර්ලිමේන්තුව තුළ හෝ සමාජය තුළ සිදුවී නොමැති බවයි.

එහෙත් සමාජය වෙනස් කිරීමේ අරමුණ තවමත් තමන් සතුව පවතින නිසා ඒ සඳහා ගමන තනිවම ආරම්භ කරන බවත් එම සිස්ටම් චේන්ජ් එකට තමන් නායකත්වය දෙන බවත් පැවසූ ඒ මහතා පටු දේශපාලන අරමුණුවලින් තොර සැබෑ යහපත් පුරවැසියන්ට තමන් සමග එක්වන්නැයි ආරාධනා ද කළේය.

එහි මූලික පියවර වශයෙන් තමන් මෙසේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ජනප්‍රිය නළුවකු වන උද්දික ප්‍රේමරත්න මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පසුගිය මහමැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරගකර ජයග්‍රහණය පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...