පරාක්‍රමයෙන් පිරුණු අමිත්තමය සැන්දෑවක ආනන්දය ප්‍රඥාවෙන් විඳ ගන්න

Date:

පරාක්‍රම නිරිඇල්ල ලංකවේ නාට්‍ය ඉතිහාසය තුළ අත හැර යා නොහැකි චරිතයකි.ඔහු ඒ ලාංකේය නාට්‍ය කලාව තුළ කළ පරාක්‍රමයන් හේතුවෙනි.ලංකාවේ නාට්‍ය පිළිබඳ අධ්‍යයන ප්‍රවේශයකදී පරාක්‍රම යනු හැදෑරිය යුතු විෂය මාතෘකාවක්ය.එය වඩාත් ප්‍රායෝගික තලයක තියා හදාරන්නට ශාස්ත්‍ර ඥාණයෙන් පිළිවෙලට එලා ගෙන යාමකට වඩා වැදගත් නාට්‍යයේ කහට උගුරේ සිට සම්මානනිය වීම දක්වා ඒ දුක,සැප යස අයස හඳුනන්නෙක්ගේ අදහස්වලින් විමසා බැලීමය.අද සවස තරංගනී උත්සව ශාලාවේදී ඒ දේ සිඳුවීමට නියමිතය.ඒ වගකීම් සහගත අකුරු තීන්ත සුවඳ හමන පොත් පිටු අස්සේ අතුරා ඇත්තේ පරාක්‍රම නිරිඇල්ල ගැන කතා කිරිමට වඩාත් සුදුස්සෙක් වූ අමිත්ත වීරසිංහය.


අමිත්ත වයසට පෙර පරිනත වූ අයෙක්ය.ඒ වේදිකවේ සතර කොන ගැටයර වියේදීම ස්පර්ශ කරමින් ඒවායේ රස දැන හැදිණ ගැනීම හරහාය.වේදිකාව විහ්ව විද්‍යාලයක් කර ගත් නිසාම අමිත්ත අද වන විට අලුත් රංගන පරම්පරාවකට විශ්වීය දැණුම දිය හැකි මට්ටමේ ශාස්ත්‍රාලයක් තරමට වැඩුණු තවමත් තරුණ පරිණත මිනිහෙකි.සුහද ඒ තරමටම සෘජුව විවේචනය කළ හැකි මෙන්ම,තමන්ගේ අඩුවක් ඉවසා වදාරන්නට හැකි අපූරු සංයමයක් සහ ශික්ෂණයක් ඇති කලාකරුවෙක්ය.හැම වැඩකදීම පුදුම දරා ගැනීමක් සහ ඉවසීමක් ඇති අමිත්ත ලේඛණයේදී ද ඒ ඉවසීමෙන්ම සහ සංයමයෙන්ම පරාක්‍රම නිරිඇල්ල අකුරු අස්සට ඔබාගෙන ඇතුවාට සැක නැත.


පරාක්‍රම නිරිඇල්ල ගැන වගතුග වැනීම මෙන්ම අමිත්තගේ නව, නව කතාවද අද හවසම තරංගනීයේදි දොරට වඩින්නේය.එය මොණර පිහාටු ය.ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති කේෂ්ත්‍ර ගණනාවක අත්දැකීම් ඇති රසවතෙක් හැටියට මෙන්ම නැණවතෙක් හැටියට ද හමුවන අමිත්තගේ ඒ අකුරු ද රසට ඇත.නමුත් මේ සැන්දෑව තුළ පරාක්‍රම නියෝජනය මෙන්ම අමිත්ත දායකත්වය ද ඇති නිසා තරිගනී වේදිකාව වඩාත් විචිත්‍ර අත්දැකීමක් බවට පත්වනු නිසැකය.ඉතිං සැප්තැම්බර් 8 වන දින පස්වරු 2.30 න් පසුව තරංගනිය තරු පිරුණු අහසක් වන්නේ නිකංම නොවේය.අනේක විධ රංගයන්ගෙන් ද හැඩ වෙමින්ය.රස තවත් රස කරන බරසාර දෙසුම් ද ඊට එකතු වි ආනන්දනීය ප්‍රඥාවකින් පිරුණු හෝරා කිහිපයකට ඔබව කැඳවා යන ඒ සැන්දෑවට එක් වෙන්නට කරන ආරාධනාවට අපි ඉක්මණින් යන ලෙස ද කියන්නේ එන සෙනග අතරේ ඔබට අසුනක් හිමිවිමට ඇති ඉඩ වැදගත් බැවිනි.


සමහර විට වෙලාවට වැඩ කිරිම පුරුද්දක් කර ගත් අමිත්තගේ අකුරුවලින් පිදෙන පරාක්‍රම නිරිඇල්ලටද පමා වුවහොත් සිටගෙන සිටින්නට සිඳුවනු ඇත.අමිත්ත විචිත්‍ර එවැනි හැඩ නිසාය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...