මෝදී පුටින්ගෙන් ඉවත් වී බයිඩන්ට නැඹුරු වන ලකුණු

Date:

1991 සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු ඉන්දියාව සහ රුසියාව අතර මිත්‍රත්වය දිගටම පැවති නමුත් මේ වන විට එම සම්බන්ධතාවල වෙනසක සුළං හමා යන බවක් පෙනෙන්නට තිබේ.

මිට ප්‍රධාන හේතුව ලෙස විශ්ලේෂකයන් දක්වන්නේ රුසියාව , චීනය හා උතුරු කොරියාව අතර ඇතිවෙමින් පවතින සමීප සම්බන්දතවයයි.

මීට අමතරව මෙවර ඉන්දියාවේ පවත්වන G20 සමුළුව පුටින් විසින් ප්‍රතික්ෂප කිරීමත් සමඟ මොදී වෙනදාට වඩා බටහිරට නැඹුරු වනු දක්නට තිබේ. රුසියාව අතීතයේ සිටම ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනේ ස්ථීර හවුල්කරුවෙකු වී ඇති මුත් ඉන්දියාවේ භූ දේශපාලනය වෙනස් වීමත් සමඟ ඔවුන් සිය මිල්ලිටරි අවශ්‍යතා වෙනුවෙන් එක්සත් ජනපදය සහ ප්‍රංශය දෙසට නැඹුරු වී ඇති අතර එය 2021කට සාපේක්ෂව විශාල වැඩි වීමකි. එනම්, ඉන්දියාව ප්‍රංශයෙන් කරන ලද මිලදීගැනීම් 6,000% කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඊශ්‍රායලය සමඟ ගනුදෙනු ඩොලර් මිලියන 200 ක් දක්වා 20% කට වඩා වැඩි වීමකි.

යුක්රේන යුද්ධයත් සමඟ යුරෝපිය ජාතින් රුසියාවට සම්බාධක පැනවීමත් සමඟ ඉන්දියාව රුසියාවේ ප්‍රධානතම ගැනුම්කරුවකු බවට පත්විය. එම බොරතෙල් ආනයනය පරිමාව මේවන විට 8% කින් පහත වැටි ඇති අතර මේ තත්වය පිළිබඳව නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු සහ නිරායුධකරණ අධ්‍යයනය පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වන හැපිමන් ජේකබ්, රුසියානු බොරතෙල් සඳහා ඉන්දියාවේ කුසගින්න “අවස්ථාවාදී මිලදී ගැනීමක්” ලෙසයි.

මොස්කව් සහ නව දිල්ලිය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 49 ක් වන අතර, එක්සත් ජනපදය සමඟ ඉන්දියාවේ වෙළඳාමෙන් තුනෙන් එකක් ඩොලර් බිලියන 129 කි. එමෙන්ම ඉන්දීය සිසුන් 4,500 ක් ඇතුළුව ඉන්දියානුවන් 14,000 ක් පමණ රුසියාවේ ජීවත් වන අතර මිලියන 4.9 ක ජනතාවක් එක්සත් ජනපදයේ ජීවත් වෙති. තවත් මිලියන 2.8 ක් එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමයේ ජීවත් වෙති. ඒ අනුව රටේ ජනතාවගේ වැඩි නැඹුරුව ඇත්තේද යුරෝපයටය.

මෙවැනි තත්වයක් තුළ ජෝ බයිඩන් දිල්ලියේ පැවැත්වෙන G20 සමුළුවට යන අතර එහිදී ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත අතර සෞදියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ ද සාකච්ඡා කරනු ඇති අතර චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ගෝලීය යටිතල පහසුකම් තල්ලුවට ප්‍රතිරෝධය දැක්වීම තීරණාත්මක සාධකයක් වනු ඇත.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...