සජිත් ප්‍රේමදාස දිනනවා කියලා දැනගෙන තමයි මම ආවෙ. එතුමා දිනනවා දිනනවාමයි – ගීතා

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත් තමන් ද ඒ මහතාට සහාය පළකිරීමට පැමිණියේ එය දැනගෙන බවත් රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

“මම එක දෙයක් දන්නවා, අපේ රටේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් තවමත් ඉටු වුණේ නැති බලාපොරොත්තු රැසක් තියෙනවා. ඒවා කරන්න කෙනෙක් නැතිව ඉන්නෙ. කාන්තාවන්ගෙ ආරක්ෂාව, දරුවන්ගෙ ආරක්ෂාව අතිවිශාල ලෙස මේ රටට අවශ්‍ය මොහොතක – මම දන්නවා ගිය වර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා කාන්තාවන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ගැන කියනකොට අපේ එවුන් හිනාවුණා. හැබැයි තාමත් බැරිවුණා මේ රටේ ඒ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න හරියට. ඇයි උන්ට ඒක කරන්න බැරිවුණේ හරියට ? නමුත් හිනාවුණා, අපහාස කළා. ජනතාවට ඒ වගේ උදව් උපකාර කරන්න පුළුවන් නායකයෙක් නම් ඔහු මේ රටේ මීළඟ ජනාධිපති වෙනවා වෙනවාමයි. කවුද මගෙන් ඇහුවා සජිත් මහත්තයා දිනනවා කියලා දැනගෙන නේද ආවෙ කියලා. ඔව්, මම දැනගෙන ආවෙ. ඔව්, මම දැනගෙන තමයි ආවෙ. ඒක කාටවත් නෑ කියන්න බෑ, බෑ කියන්න බෑ, එතුමා දිනනවා දිනනවාමයි”

ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවරදී පැවති සමගි ජන සන්ධානයේ ජන රැලියට එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමෙන් අනතුරුව එම රැලිය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...

රනිල් GMOA එකට දුන් රජයේ ඉඩම ආපහු ගනී!

කොළඹ LNW:නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන...

තේරීම් කමිටුවේ තීරණ එක්ක වාද කරන්න බැහැ,අපි එයාලට ගරු කරන්න ඕනි – නායක දසුන් ශානක

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙන...

වතු කම්කරු ප්‍රජාවට සුබ දිනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW : අද (30) දින...