ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මැණික් සළකුණක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 10, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දී සිය පළමු ඉණිමට ලකුණු 372 ක් ලැබූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශාලම බාධකය බවට පත් වූ ඒෂාන් මාලිංග ලකුණු 65 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණුනා.ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට පවා කැඳවීම් ලද චාමික ගුණසේකර වැනි වේග පන්දු යවන්නන් සිටියදී ඒෂාන් මේ ආකාරයට දස්කම් දැක්වීමත්,කුමන හෝ ආකාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සමඟ සංචාරය කිරීමේ අවස්ථාව ලද රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ පළමු ක්‍රීඩකයා ඔහු වීමත් නිසා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඔහු අලුත් සළකුණක් තබනවා.ඒෂාන් මාලිංගට අමතරව මේ තරගයේ දි ඉෂිත විජේසුන්දර ලකුණු 59 ට ත්,චාමික ගුණසේකර ලකුණු 71 ට ත් සහ නිශාන් පීරිස් ලකුණු 98 ට ත් ලෙස කඩුලු 2 බැඟින් දවා ගැනීමට සමත් වුණා.


දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 232 ක් ලබා සිටිනවා.ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබා ගත් ලකුණු 372 ට පිළිතුරු ලෙසයි.දකුණු අප්‍රිකානු ඉණිමට පිළිතුරු සැපයීමේ දි,තමන්ට ටෙස්ට් කණ්ඩායමේ අහිමි වූ ස්ථානය සොයමින් සිටින ඔෂධ ප්‍රනාන්දු විශිෂ්ඨ ශතකයක් රැස් කරමින් ලකුණු 122 ක් ලබා දෙන්නට සමත් වූ අතර නායක පසිඳු සූරියබණ්ඩාර ලකුණු 61 ක් ලබා ගන්නට සමත් වුණා.
දකුණු අප්‍රිකා කණ්ඩායමට එක් දින තරගාවලියේ දී නායකත්වය දුන් මැතිව් බ්‍රීට්ෂ්කේ ලකුණු 129 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ඉණිමේ කැපී පෙණුනම පිතිකරුවා බවට පත් වුණා.මාර්කස් ඇකර්මන් ලකුණු 69 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ලකුණු පූවරුව ඉහළ දමන්නට සමත් වුණා.
තරගයේ ලකුණු පූවරුවට → https://es.pn/3XiawWa

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...