ලාංකීය සමාජ පසුගාමීත්වය ගැන හැමෝම හිතන හැටි ….

ලාංකීය සමාජය පසුගාමීයි කිව්වම මේ දූපත ඇතුලෙ ඉන්න හැම කෙනෙක්ම හැමදෙයක්ම ඒ පසුගාමීත්වයේ අඩංගුවක්..

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් වෙනුවෙන් ට්‍රිලියන ගානක ධනය වෙන්කෙරුවත්, ස්වාධීන මැතිවරණයක් වෙනුවෙන් විදේශ නිරීක්ෂකයෝ කොච්චර ගෙන්නුවත් ජනතාවගේ චින්තනය සිවිලයිස් වෙලා නැත්තන් පුස්ස බින්දා වගේ මැතිවරණ ප්‍රතිපලයක් තමා කොහොම කරත් හම්බවෙන්නෙ.

මේකට හේතුව දූපතට අරක්ගත් සමාජ පසුගාමීත්වය…. මෙතනදි ලංකාවේ තියෙන්නෙ පසුගාමී සමාජයක් කියලා කිව්වම ඔබ, මම අපි හැමෝම ඒකට අයිතියි.

මොනවිදියකින් හරි අපි හැමෝම අර සමාජ පසුගාමීත්වයේ කොටස් කාරයෝ.

උදාහරණයක් විදියට 88,89, අරගලයේදී ගල් කටස් වලින් රාජ්‍ය බලය අල්ලන්ට ගිහින් හමුදාව අතින් හැට හැත්තෑදාහක් සමූලඝාතනය වෙලා ගහපු බෙරේ කුත් නෑ බෙරේ පළුවකුත් නැතිවීම අයිතිවෙන්නෙත් ඒ පසුගාමී කමටම තමා. ඊළඟට වැරදිලා හරි ඒ ගල්කටස් විප්ලවය දිනුව නම් ඒක ඉවර වෙන්න තිබ්බෙත් පොල්පොට් ලන්තෙකින්. ඒක එහෙම වෙන්නෙත් සමාජ පසුගාමීත්වය නිසාම තමා.

අපිට පාර වැරදෙන එක එතනින් නතර උනේ නෑ. ඊළඟට දෙවන වටයෙදී ආපහු පටන් අරන් 2005දී දෙමළ ජනයාට එරෙහිව ඒකීය රාජ්‍ය පිහිටුවන්ට කියලා පුල් ජොහොර් එක දාලා මහින්දව ජනාධිපති කොරා. ඊළඟට මහින්ද ව්‍යාපාරේ ඇතුලේ හිටපු දක්ෂම කතිකයොයි, සංවිධායකයොයි උස්සලා ව්‍යාපාරෙට ඇරපු ඇරිල්ල නිසා කාලෙකට අපිට ඔලුව උස්ස ගන්ට බැරි උනා.

එතනිනුත් වලේ වැටෙන එක නතර උනේ නෑ, ඊළඟට මහින්දට අරින්ට කියලා හමුදා ජෙනරාල් කෙනෙක් ජනාධිපති කරන්ට හැදුවා, මොකද්දෝ හොඳ වෙලාවකට ඌ දිනුවේ නෑ. බැරිවෙලාවත් ඌ දිනුවා නම් ඌ තාමත් අපිට අරිනවා.

ඒ අනුව ලාංකීය සමාජ පසුගාමීත්වය ඇතුලේ අපි හැමෝම ඉන්නවා… හැබැයි අපි හිතන් ඉන්නේ අපි ඒකේ නෑ කියලා… අනික් අය තමා පසුගාමි කියලා …..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...