තැපැල් ඡන්දයට අද සහ හෙටත් ඉඩ

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අද (11) සහ හෙට (12) යන දින දෙකේදී හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, තැපැල් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබූ, පසුගිය සැප්තැම්බර් 04, 05, 06 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ සියලුම රජයේ සේවකයින්ට මේ දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට හැක.

තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔවුන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව ලැබී ඇත.

මේ දින දෙකේදීත් තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වුවහොත් තැපැල් ඡන්දය සඳහා ලියාපදිංචි වූවන්ට නැවත වෙනත් දිනයක් ලබාදීමක් සිදු නොකෙරෙන අතර ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වනදා හෝ ඡන්දය භාවිතා කිරීමට නොහැකි වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...