තිස්සට එරෙහිව හරිනි නඩු මඟට!

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනෙවිය විසින් අද (11) සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබේ.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ දළදා පෙරහැර නතර කරන බවට ප්‍රකාශ කළා යයි කියමින් තිස්ස අත්තනායක මහතා විසින් අසත්‍ය මතයක් සමාජ ගත කිරීමට එරෙහිවයි මන්ත්‍රීවරිය විසින් එම නඩුව පවරා ඇත්තේ.

තිස්ස අත්තනායක මහතා සහ ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පුද්ගලික සමාගම එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අතර ඔවුන් විසින් ප්‍රචාරය කරන ලද අසත්‍ය පුවත නිසා තමන්ගේ කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රු. මිලියන 100ක වන්දියක් ඉල්ලමින් එම නඩුව ගොණු කර ඇත.

නඩු පැවරීමට පෙර ඇය තිස්ස අත්තනායක මහතාට එන්තරවාසියක් ද යවා තිබුණි. ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම නඩුව පැවරීමට කටයුතු කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...