නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලි බල මණ්ඩලයට නොගෙවීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර දුන්නේ ය.

නීතිඥ විජිත කුමාර නමැත්තෙකු විසින් ගොනු කරනු ලැබ තිබූ එම පෙත්සමෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ, ලංකා විදුලි බල මණ්ඩලය යි. මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

පෙත්සමෙන් ඉල්ලූ ‘එක ම දේ’

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනු කර තිබූ බව ය.

අදාළ විදුලි ගාස්තුව මේ වන විට ගෙවා අවසන් කර ඇති බැවින් අදාළ ක්‍රියාව තුළින් මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කළේ ය,

බීබීසී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශයට එරෙහිව ලද පළමු පරාජයේ අමිහිර විසින් ශ්‍රී ලංකාව තෙවන තැනට ඇඳ දමයි

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල්...

ජාතික ආරක්ෂාව උඩ අරන් ආණ්ඩුව වැදගත් ප්‍රශ්න යට ගහනවා – නාමල්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : අලුතින් සිතන, නව...

කොළඹ අවටින් පිරිමි මෘත ශරීර තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : නාඳුනන පිරිමි මෘත...

වැටුණු පසු නැගිටින හැටි ගැන හොඳම පාඩම දකුණු අප්‍රිකාවෙන්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 30,  කොළඹ LNW: වැටුණු තැනින් නැගිටින්නේ කෙසේද...