ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW :

අද (11) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණි.

වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ ගමන්මඟ මෙන්ම, ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කර ගන්නා ආකාරය සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉලක්ක සහගත වීම සහ එම ඉලක්ක කරා ළඟා වන පරිදි ප්‍රතිපත්ති පෙළගැස්වීම මගින්, මෙරට ආර්ථික වර්ධනයට සහාය වීම, සමාජමය යහපැවැත්ම සහ පාරිසරික තිරසාරභාවය පෝෂණය කිරීම ආදියෙන් රට සමෘද්ධිමත් අනාගතයක් කරා රැගෙන යාමට දායක වන ලෙසද පැවසීය.

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය විසින් මෙරට ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් වන දැක්ම, ඉදිරි වැඩසටහන් සහ අයවැය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී, නියෝජ්‍ය උප සභාපති විනෝද් හයිද්‍රාමනි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...