ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරීන් හමු වූ ජනපති!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11 ,කොළඹ LNW :

අද (11) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණි.

වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ ගමන්මඟ මෙන්ම, ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කර ගන්නා ආකාරය සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳ මෙහිදී පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉලක්ක සහගත වීම සහ එම ඉලක්ක කරා ළඟා වන පරිදි ප්‍රතිපත්ති පෙළගැස්වීම මගින්, මෙරට ආර්ථික වර්ධනයට සහාය වීම, සමාජමය යහපැවැත්ම සහ පාරිසරික තිරසාරභාවය පෝෂණය කිරීම ආදියෙන් රට සමෘද්ධිමත් අනාගතයක් කරා රැගෙන යාමට දායක වන ලෙසද පැවසීය.

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය විසින් මෙරට ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් වන දැක්ම, ඉදිරි වැඩසටහන් සහ අයවැය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී, නියෝජ්‍ය උප සභාපති විනෝද් හයිද්‍රාමනි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...

සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : තමන්ගේ ගේ දොර...

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...