විදෙස් ප්‍රේෂණ 16% කින් ඉහළ ගිහින්

Date:

පසුගිය ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවා ඇති විදෙස් ප්‍රේෂණ 16.4% කින් ඉහළ ගොස් තිබෙනවා.

ආසන්න වසර කිහිපය තුළ කොවිඩ් වසංගත තත්වය ඇතුළු හේතු කිහිපයක් නිසා විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් රටට එවන ඩොලර් සංචිත පහළ ගොස් තිබූ අතර රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට එය ප්‍රබල හේතුවක් විය.

කෙසේ නමුත් මාස කිහිපයක සිට මෙරටට ලැබෙන ඩොලර් සංචිත ඉහළ යමින් තිබෙන අතර අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් ඩොලර් මිලියන 325 ක් එවා තිබෙනවා. ජුලි මාසයේදී එම අගය සටහන් වූයේ ඩොලර් මිලියන 279 ක් ලෙසයි. ඒ අනුව මාසයක් තුළ මිලියන 46 කින් ඉහළ ගොස් තිබේ.

වසරේ ගතවූ කාලසීමාව තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ලක්ෂ 02 ඉක්මවා තිබේ. වසර අවසන්වීමට පෙර තවත් 130,000 ක් විදෙස් රැකියා සඳහා පිටත් කර යැවීම තම ඉලක්කය බවයි කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...