ඔබ ආසද ඒ මුහුදු ලිහිණියාට ?

Date:

මේ ෆොටෝ එකේ තියනවා පොඩි ටයිටැනික් ගතියක්. ඒ කියන්නේ නැවේ අවදානම්කාරී අද්දරටම යනවා වගේ ඩයනා ඩොඩීගේ යාත්‍රාවේ අග්ගිස්සටම ගිහිල්ල තමයි මේ ෆොටෝ එකට පෝස් කරන්නේ. ඒක ඩයනා ඩොඩීගේ ආදරයේ අමුතුම සිහිවටනයක්. අදටත් ඒක මාධ්‍යවල උස්සල දානවා.

උං මොනවහරි පටන් ගත්තම අත්අරින්නේ නැතුව දිගටම ඒක අවසානයක් දක්වා අල්ලාගෙන යනවා. ඒක ආදරය වගේ තැනකදී කැපිල පේනවා. ඒක නිසා වෙන්න ඇති ආදරය ගැන උදාහරණ ගන්නකොට වැඩියෙන් බටහිර උදාහරණවලට අපේ හිත යන්නේ.

ඩයනා ඩිවෝස් උනාට පස්සේ එයාට සම්බන්ද වෙන්න කැමති අයගෙන් ප්‍රපෝසල් කීපයක් එනවා. ඒ ඔක්කොම දාර සල්ලිකාරයෝ.

එයාල හැමෝම කැමති වුණා එක වෙලාවක ලෝකයේ ජනප්‍රියම ගැහැණියට සම්බන්ද වෙන්න.

ඩයනා දික්කසාද උනාට එයාට ඕනි විදියේ සාමාන්‍ය ජීවිතයක් එයාට ලැබුනේ නැහැ. ඒ බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට හිමිකම් කියන රාජකීය දරුවන් දෙන්නෙක් සිටීම. එයාල බලාගන්න පොලිස්කාරයෝ සිටීම.

ඒ නිසා සාමාන්‍ය හෝටලයක්, සාමාන්‍ය ගුවන් යානාවක්, සාමාන්‍ය ගමනක් එයාට දික්කසාදෙන් පස්සේ වත් හිමිඋනේ නැහැ.

ආව එක යෝජනාවක් තමයි ඇමරිකන් බිළියනපතියෙක් වෙච්ච ටෙඩි ෆෝර්ස්මන්. අනික් කෙනා ආසියාවේ පොහොසතෙක් වෙච්ච ගුළු ලල්වානි. නමුත් ඩයනා තෝරාගන්නේ ඊජිප්තු සම්භවයක් තියන බ්‍රිතාන්‍ය හැරඩ්ස් සමාගමේ ලොක්කගේ පුතා, ඩොඩී අල් ෆයඩ්.

හැමෝම ඩයනට උපදෙස් දුන්නේ අම්මෝ ඔය හාදයගෙන් පරිස්සම් වෙන්න කියල. හැබැයි මේ දෙන්නටම පොදු දෙයක් තිබ්බ. ඒ තමයි රාජ්‍ය ස්ථාපිතය එක්ක තිබ්බ තරහ. ඩොඩීට බ්‍රිතාන්‍ය පාස්පෝට් එකක් නොලැබීම ගැන ආයතනගත තරහක් තිබ්බ. ඩයනා රජ පවුලේ උදහසට ලක්වීම ගැන තරහකින් හිටිය.

ඇගේ වෛරය කොච්චරද කියනවා නම් ඩොඩීගේ ඊජිප්තු අන්තපුරයේ පරිවාර කාන්තාවක් විදියට හරි ඉන්න උණත් ඇය මැලිවුණේ නැහැ.

එක පොදු කේන්තියකින් වෙලී හිටිය මේ දෙන්න වෙනත් ආදරයකින් එකතු උණා. එහෙම එකතුවෙලා යන තූත්තුකුඩියකින් යන්න කියල අධිවේගෙන් ගමන් ඇරඹුවා.

එක්තරා දවසක ප්‍රංශ මාර්ගයක මර්සිඩීස් බෙන්ස් ෆ්ලැග්ෂිප් කාරයක ඒ අධිවේගී ගමන අධික වේගයකින්ම ඇය ඔහු සමඟ අවසන් කළා. ආපසු නොහැරීම. පසුතැවීමකින් තොරවම.

ක්‍ෂිතිජය පසුබිමේ තියල ඩයනා තනිවම ඉන්න මේ ෆොටෝ එකේ එකම එක මුහුදු ලිහිණියෙක් ඩයනා දිහාට ඉගිල්ලිලා එනවා. මම ආසයි ඒ මුහුදු ලිහිණියාට.

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...