ඩීපී එඩියුකේෂන් තවත් සම්මානයකින් පිදුම් ලබයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පෙරේදා (10) කොළඹදී පැවති 2024 Calin Popular Awards උළෙලේදී ඩීපී එඩියුකේෂන් ආයතනය විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ, දැයේ දරුවන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපනයක් නොමිලේ සැපයීමේ මෙහෙවර වෙනුවෙනි.

මෙරට පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් අතරින් ලක්ෂ 15කට අධික පිරිසක් ඩීපී එඩියුකේෂන් වැඩසටහන ඔස්සේ අධ්‍යාපනයට දායකත්වය ලබාගන්නා අතර තවත් 280,000 ක පමණ සිසු සිසුවියන් පිරිසක් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන ඔස්සේ රැකියා ඉලක්කගත පරිගණකා භාෂා පාඨමාලාව හදාරමින් සිටිති. ඉංග්‍රීසි, ජපන්, කොරියන්, ඉතාලි සහ චීන භාෂා නොමිලේ හදාරණ සිසුන් විශාල සංඛ්‍යාවක් මෙන්ම විවිධ වෘත්තීය පුහුණුවලට සම්බන්ධ වී සිටින සිසුන් රැසක් ද ඩීපී එඩියුකේෂන් සෙවණේ සිටිති.

ඩීපී එඩියුකේෂන් යනු ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් පවත්වාගෙන යන මෙරට දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහනයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...