*
Wednesday, September 18, 2024
spot_img

Latest Posts

ජන්ද ප්‍රතිඵල එන්න කලින්ම ජයග්‍රහකයා තීරණය වෙලා ඉවරයි.අපි මේ රට හදනවා – වෛද්‍ය ධම්මික පටබැඳි

කොළඹ LNW:ජන්ද ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර ජයග්‍රහණය තහවුරු කර තිබෙන සුවිශේෂී ජනාධිපතිවරණය මෙවර පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අවධාරණය කළේය.

ඒ අනුව ජාතික ජන බලවේගයේ රාජ්‍ය පාලනයක් තුළ රට පොහොසත් කරනවා මෙන්ම ජනතාවගේ ජීවිත ලස්සන කරන බවටත් ස්ථිර ලෙසම සහතික වෙන බවයි පටබැඳි මහතා කියා සිටියේ.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කෑගල්ලේදී පැවති රැළිය අමතමිනි.

මාලිමාව අනෙකුත් පක්ෂවලට සම කළ හැකි පක්ෂයක් නොවන බවත් වෙනස් දේශපාලන සංස්කෘතියක් සහිත දේශපාලන ව්‍යාපාරයක් බවත් මේ රට ගොඩගත හැකි වැඩපිළිවෙළක් සහිත එය ක්‍රියාවට නැගිය හැකි නිශ්චිත බලවේගයක් සිටින දේශපාලන ව්‍යාපාරයක් බවත් ඔහු තවදුරටත් අවධාරණය කරන ලදී.

”පක්ෂ දෙකක් මේ රට මෙතෙක් පාලනය කර රට බංකොලොත්භාවයට පත් කළාට පසුව පැවැත්වෙන ජනාධිපතිවරණය තමයි මේක. ඒ වගේම මේ රට බංකොලොත්භාවයෙන් මුදාගන්නා නායකයෙකු එනම් අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවරයා වෙන ජනාධිපතිවරණයත් මේක. මේ ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ මෙතෙක් කල් ඡන්දය පාවිච්චි කරපු විදියට නොවෙයි. ජනතාව විශාල ලෙස දේශපාලන ක්‍රියාකාරිත්වයට පැමිණ තිබෙනවා. අවුරුදු 76ක් මේ රට පාලනය කරපු මේ විනාශකාරී පාලකයන් පලවා හැර අනුර සහෝදරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ රැස්වීම් භූමිය එකම හිස්ගොඩක් බවට පත්වී තිබෙනවා. ඔබ මේ ලබාදී තිබෙන්නේ, කෑගල්ල ජනතාව එක සිතින් අනුර සහෝදරයාව දිනවනවා කියන පණිවුඩය හා සහතිකයයි. සැප්තැම්බර් 21 වැනිදාට මේ රටේ මෙතෙක් පැවැති ඛේදවාචකය අවසන් කර ‘පොහොසත් රටක්, ලස්සන රටක්’ කරන ගමන අපි ආරම්භ කරනවා. ඒ පණිවුඩය අපි අද කෑගල්ල ජනතාව හැටියටත් ලබා දෙනවා.

මේ ජනාධිපතිවරණය අපේ රටට සුවිශේෂී මැතිවරණයක්. අපේ රටේ ඉතිහාසයේ දැවැන්ත ජන අරගලයකින් පසුව පැවැත්වෙන පළමු මැතිවරණය තමයි මෙය. පසුගියදා අපේ රටේ ඇතිවූ අරගලය කියන්නේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගිවූ අරගලයක්. නමුත් ඒ අරගලය අවසන් වුණේ එහි අරමුණු සාක්ෂාත් කරගෙන නොවෙයි. මේ රට වංචාවෙන්, දූෂණයෙන් විනාශ කළ මේ පාලක කල්ලි පලවා හරින එකයි; ඔවුන් කළ මහා අපරාධවලට නීත්‍යානුකූලව දඬුවම් දෙන එකයි; මේ හොර පාලක කල්ලි මේ රටෙන් කොල්ල කාපු මහජන මුදල් හා දේපොළ ආපසු පවරා ගන්න එකයි අරගලයේ ප්‍රධාන අරමුණු අතර වුණා. නමුත් ඒ අරගලය මගින් ඒවා ඉටුකර ගන්න අපිට නොහැකි වුණා. ඒ නිසා ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අද මේ රටේ ජනතාව මේ සැප්තැම්බර් 21 වැනිදාට අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කරවන්න එකා වගේ පෙළගැහිලා ඉන්නවා.

මේ මැතිවරණය තමයි ප්‍රතිඵල එන්නත් කලින් ජයග්‍රාහකයා තීරණය කරපු මැතිවරණය. තැපැල් ඡන්දවලින්ම මේ රටේ වැඩකරන ජනතාව එය ඔප්පු කර හමාරයි. මේ මැතිවරණයේ ජයග්‍රාහකයා අනුර කුමාර දිසානායක සහෝදරයා බව දැනටමත් තීරණය වී හමාරයි. නමුත් අපේ කාර්යභාරය මෙතනින් අවසන් නැහැ. මේ 21 වැනිදා දක්වා වෙහෙස නොබලා වැඩ කරලා අනුර කුමාර දිසානායක සහෝදරයා විජයග්‍රහණයක් දක්වා රැගෙන යා යුතුයි. අපේ රටේ ජනාධිපතිවරණයක වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරයෙකු ජයග්‍රහණය කරන මැතිවරණයත් මෙය වෙනවාට සැකයක් නැහැ. වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරලා ජනාධිපති වෙලා වාර්තාවක් තියනවා සහතිකයි. ඒ වගේම මේ මැතිවරණය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ශූන්‍ය වූ මැතිවරණයක් බවට පත්වෙන බවත් සහතිකයි.

මට මේ ළඟදි තරුණයෙක් හමුවුණා. ඔහු දැන් නීති විද්‍යාලයේ විභායට සූදානම් වෙමින් ඉන්නේ. මම ඇහුවා ‘කොහොමද’ කියලා. ඔහු කිවුවා ‘හොඳයි’ කියලා. මම ඇහුවා ‘කොහොමද හොඳ වුණේ’ කියලා. ‘මාලිමාවට හොඳයි. ඒ නිසා මටත් හොඳයි’ කිවුවා. ‘මමත් මගේ යාළුවොත් ඡන්දය දෙන්නේ මාලිමාවට තමයි’ කිවුවා. මම ඇහැව්වා මාලිමාවට ඡන්දය දෙන ප්‍රධාන හේතු මොකක්ද කියලා. ඔහු කිවුව දේ තමයි, ‘අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාව විතරයි එහෙට මෙහෙට පනින එවුන් තමන්ගේ තුරුළට ගත්ත නැති එකම පක්ෂය. ඒ නිසා තමයි අපි මාලිමාවට ඡන්දය දෙන්නේ’ කියලා.

මාලිමාව කියන්නේ අනෙකුත් පක්ෂවලට සම කළ හැකි පක්ෂයක් නොවෙයි. වෙනස් දේශපාලන සංස්කෘතියක් සහිත දේශපාලන ව්‍යාපාරයක්. මේ රට හදන්න පුළුවන් වැඩපිළිවෙළක් තිබෙන, එය ක්‍රියාවට නගන්න පුළුවන් නිශ්චිත බලවේගයක් සිටින දේශපාලන ව්‍යාපාරයක්. මේ රටේ විද්වතුන් ඇතුළු සියලුම ක්ෂේත්‍රවල ජනතාව විවිධ බලවේග අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා පිටුපස ඉන්නවා. ජාතික ජන බලවේගයේ රාජ්‍ය පාලනයක් තුළ අපි මේ රට පොහොසත් කරනවා, ඔබේ ජීවිත ලස්සන කරනවා කියලා අපි ස්ථිර ලෙසම ඔබට සහතික වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan