චීනයට දෙවෙනි වූ ආර්ථිකයක් තමයි යහපාලනය විනාශ කළේ – ජොන්ස්ටන් ප්‍රනාන්දු

Date:

කොළඹ LNW:සෙසු ජනාධිපතිවරණ අපේක්ෂකයින් රට විනාශයට ගෙන ගියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දක්ෂ නායකත්වයක් ඉදිරිපත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ යුගයේදී සිදුකරන ලද අතිවිශාල සංවර්ධනය යහපාලනය කාලයේදී එය ආපස්සට ගිය බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”තව දින කිහිපයක් පමණයි තිබෙන්නේ. මහන්සි වෙලා වැඩ කරන්න. මේ පණිවුඩය ගෙනයන්න. මේ රට මෙහෙයවන්න පුළුවන් දක්ෂ නායකයෙක් ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් අපේක්ෂකයන් මේ රට විනාශයට පත්කළා. චීනයට දෙවැනි වූ ආර්ථික වර්ධනයක් අපි ලැබුනත් යහපාලන ආණ්ඩුව සමයේ එය ආපස්සට රැගෙන ගියා. ජාතික ආරක්ෂාව විනාශයට පත්වුණා. අනුර කුමාර දිසානායක මහතා වසර 26 ක් පමණ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව 160,000 ක් පමණ ඡන්දය ලබාදුන්නා. කෘෂිකර්ම ඇමැතිවරයා වුණත් බෝක්කුවක් හෝ හැදුවේ නැහැ. 71 වසරේ සිට රට විනාශ කළා. රටේ තරුණ පරම්පරාව කනත්තට දක්කාගෙන ගියා. ප්‍රභාකරන් ද එයම කළා. රට විනාශ කළා. මේ අපේක්ෂකයන් තිදෙනාම රට විනාශ කළා. ඔවුන් අලුත් අය නොවෙයි. ඒ අය කතා කරන්නේ අලුත් අය වගෙයි. මේ රට විනාශ කළ ඒ අයයි. මේ රට නිර්මාණය කළේ, නිදහස ලබාදුන්නේ, වැඩිම සේවයක් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. මේ රටේ ආර්ථික වර්ධනය සියයට 7.3 ට ගෙනාවා. රට හදපු නායකයාගේ පුතා ඉතා හොඳින් ඇමැතිකම් කෙරුවා. අද නාමල් දැක්ම තුළින් තමන්ගේ වැඩපිළිවෙල ප්‍රසිද්ධ කර තිබෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළකළේ නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හිරියාලේදී පැවති ජන රැළිය අමතමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...