“ඉම්රාන් ඛාන් සින්දාබාද්” ඉම්රාන් ඛාන් නිදහස් කර ගැනීම වෙනුවෙන් පක්ෂ සාමාජිකයන් දහස් ගණන් ඉස්ලාමාබාද් නුවර විරෝධතාවයේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වසරක කාලයක් පුරා සිරගත කර සිටින පකිස්ථානයේ හිටපු ජනාධිපති ඉම්රාන් ඛාන් සිරෙන් නිදහස් කර ගැනීම වෙනුවෙන් ඊයේ (12)දිනයේදී ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂ සාමාජිකයන් දහස් ගණන් ඉස්ලාමාබාද් නුවරට පැමිණ සිය විරෝධතාවය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඉම්රාන් ඛාන් මේ වන විට දූෂණයට වරදකරු වී රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති අතර ඛාන් තමාට එරෙහිව එල්ල වී ඇති සියලුම චෝදනා දේශපාලන චේතනාවන් ලෙස හඳුන්වයි.

පසුගියදා එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් ඔහු අත්තනෝමතික ලෙස රඳවාගෙන ඇති බවත්, සිරෙන් නිදහස් කළ යුතු බවත්, ප්‍රකාශ කර තිබුනේද ඔහු නිදහස් කිරීම වෙනුවෙන් ප්‍රයත්නයක් දක්නට නොලැබේ. බොහෝ විශ්ලේෂකයින් පවසන්නේ පකිස්තානයේ දේශපාලනික වශයෙන් බලවත් හමුදාවේ පැහැදිලි ප්‍රකාශයකින් තොරව ඛාන් මහතාට පිටව යාමට ඉඩ නොදෙන බවයි.

පකිස්ථානයේ හමුදාව විසින් විරෝධතාවය මර්දනය කර තිබු අතර පක්ෂයේ සභාපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගොහාර් අලි ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...

පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය...