කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට එරෙහිව හදිසියේම පරීක්ෂණයක්!

Date:

කොළඹ (LNW): ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාට එරෙහිව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් හදිසියේම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ බව 2025 සැප්තැම්බර් 11 දා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිඛිතව දැනුම් දී ඇත.

මෙසේ හදිසියේම පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ ඩිෂාන් ගුණසේකර මහතාගේ බස්නායක නිලමේ ධුර කාලය සැප්තැම්බර් 22 වනදායින් පසුව අවසන් වීමට නියමිත තත්ත්වය තුළය.

ධුර කාලය නිමවීමෙන් අනතුරුව නිලවරණය පැවැත්වෙන තෙක් ධූරයේ සිටි පුද්ගලයාව වැඩබලන බස්නායක නිලමේවරයා වශයෙන් පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...