පොඩ්ඩන් ආසියාව දිනන්න යන්න අදයි හෙටයි තරග කරයි

Date:

පුහුණුව සඳහා හෝ නිසි ඉඩක් නොලැබූ අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සහ හෙට දින පැවත්වෙන ඉසව්වලදී දක්වන දක්ෂතා අනුව ඔක්තෝම්බර් 13 සිට 16 දක්වා කුවේටී පැවත්වෙන ආසියාතික අවුරුදු 18 න් පහළ මලල ක්‍රීඩා සූරතාවලිය ඉලක්ක කරගෙන තරග බිමට පිවිසෙයි.
සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද සහ හෙට පැවත්වෙන තරගවල දක්ෂතා අනුව ඒ ඒ ඉසව්වල කඩඉම් පසුකරන තරගකරුවන් සහ තරගකාරියන් කුවේට් තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.සුගතදාස ක්‍රීඩාංගණ බලධාරීන් මේ යොවුන් ක්‍රීඩකයින්ට පුහණුවීම් සඳහා නිසි අවස්ථාව ලබා නොඳුන් අතර මලල ක්‍රීඩාං සංගමයෙන් එවන ලද හොඳම අට දෙනාගේ ලේඛණ පවා කප්පාදු කර තිබිණ.විකල්පයක් ලෙස දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ගිය විට එහි උපකරණ භාරව සිටින නිලධාරීන්ගේ පෞද්ගලික නමට ඇති ඒවා බව පවසමින් ඒවා නිසි පරිදි නිකුත් කිරීමට හෝ සේවකයන් යොදා පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා නෙදෙන බව ද අප මීට පෙර වාර්තා කළහ.
අවසානයේ පදක්කම් නැති වීම යනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ පුහුණුකරුවන්ගේ දුබලතා සේ දක්වන්නට පෙළඹෙන බලධාරීන් අඩුම තරමේ අවස්ථා කිහිපයකදි මේ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කළ ද රටේ ක්‍රීඩාවේ අනාගතයට අදාළ දක්ෂයන් නොසළකා හැරීම කණගාටුදායක තත්ත්වයකි.ඒ තත්ත්වයන් ඇතුළේ හෝ මහන්සි වි අවශ්‍යය පරිසාධන මට්ටම තහවුරු කර තරගාවලියට සහභාගි වී ජයග්‍රහණය ලැබුවොත් ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට වඩා දේශපාලනඥයන් සහ අමාත්‍යංශ සහ සංවර්ධන දෙපාර්තමේන්ත නිලධාරීන් අද ක්‍රිකට් සහ නෙට්බෝල් කණ්ඩායම් පිළිගන්නට රොඳ බැඳපු අයුරෙන්ම පිරෙනු ඇත.
පහත දැක්වෙන්නේ අවුරුදු 18 න් පහළ ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ ඒ ඒ ඉසව්වන් හි ඉක්මවා යා යුතු පරිසාධන මට්ටම් ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගමනික ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්!

කොළඹ LNW:විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින සමීප...

ධර්මෙගේ ඇඟිළි ගැහිල්ල අධාර්මික වැඩක් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: මේ මොහොතේ ක්‍රියාත්මක එංගලන්තය සහ...

අවුරුදු 19 න් පහළ ජාතික තරගාවලියේ පලදාව ඔස්ට්‍රේලියාවට එරෙහිව…?

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත...

අශෝක ජයතුංග e කොළම.

🍎ජනපති හා ආණ්ඩුව මෙන්ම ඇමෙරිකන් මහින්දගේ බදු මෙහෙයුම.?🍎බදු සාකච්ඡා...