රාජපක්ෂලාගේ කපුටු කැබිනට්ටුව ජනතාව රවටමින් සිටිනවා – විපක්ෂ නායක

Date:

රටේ බහුතර ජනතාව තුළ රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවට එරෙහිව කැළඹිල්ලක් ඇති වනවිට පොහොට්ටුව විසින් දේශපාලන ඩීල් එකක් ක්‍රියාත්මක කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රට විනාශ කළ මුදල් ඇමති, අගමැති සහ ජනපති ඉවත් වූ පසු තමන්ට අවැසි ලෙස හැසිරවිය හැකි දොරටු පාලකයෙක් රටේ පාලකයා ලෙස පත් කර ගත් බවයි විපක්ෂ නායකයා පෙන්වා දෙන්නේ.

මුදල් ඇමතිවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයා පසුගිය කාලයේ ජනතාවට බයේ හැංගී සිටියත් මේ වනවිට බය නැතිව ජනතාව ඉදිරියට පැමිණ ඇති බවත් 2019 ජනාධිපතිවරණයේ මෙන්ම 2020 මහමැතිවරණයේදී සිදු කළ රැවටිල්ල නැවතත් ක්‍රියාත්මක කරමින් ඇමතිකම් ලබා ගෙන ඇති බවත් ප්‍රේමදාස පවසයි.

පසුගිය 11 වැනිදා පැවති සමගි ජන බලවේගයේ හලාවත ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. හලාවත ප්‍රධාන සංවිධායක ශාන්ත අබේසේකර මහතා සංවිධානය කර තිබූ මෙම රැස්වීම සඳහා පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මිනිසුන්ට සහන දෙන්න, ධීවරයන්ට, ගොවියන්ට වන්දි ගෙවන්න, රැකියා අහිමි වූවන්ට ජීවනෝපායක් ලබා දෙන්න, රාජ්‍ය සේවකයන්ට හයියක් වෙන්න මුදල් නොමැති වුවත් රාජ්‍ය ඇමතිවරු 37 ක් මෙන්ම කැබිනට් ඇමතිවරු 20 ක් නඩත්තු කිරීමට ආණ්ඩුවට මුදල් තිබෙන බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ තවත් කැබිනට් ඇමතිවරු 12 ක් පත් කිරීමටද සූදානම් වන බවයි. ලක්ෂ 69 ක ජනතා බලයක් තිබූ ජනාධිපතිවරයෙකුට හා තුනෙන් දෙකක බලයක් තිබූ ආණ්ඩුවකට නොහැකි වූ ප්‍රශ්න විසඳීමට රූකඩ ජනාධිපතිවරයෙකුට හා කිසිදු ජනබලයක් නොමැති ඇමති රොත්තකට හැකිවේදැයි විපක්ෂ නායකයා ප්‍රශ්න කරනවා.

රටේ අර්බුද විසඳීම කෙසේ වෙතත් ත්‍රස්තාවදය වැළැක්වීමේ පනත ඇතුළු විවිධ මර්දන පනත් භාවිතා කරමින් අරගලකරුවන් මර්දනය කිරීම නම් ජයටම සිදු කරමින් සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...