ජනවාර්ගික ගැටලුවට දෙනව කියපු විසඳුම් කෝ – ඉන්දියාව ජිනීවා සමුළුවේදී අසයි

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා දේශපාලන විසඳුම් ලබාදෙන බවට ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදී පොරොන්දු වූ නමුත් තවමත් එම පොරොන්දුව ඉටු නොවීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකරන බව ජිනීවාහි ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනි පාන්ඩේ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මගපෙන්වීම යටතේ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සෑම රටකම පාලකයන්ගේ වගකීමක් බව ඉන්දියාව සැමවිටම විස්වාස කරන බවයි ඉන්දීය නියෝජිතයා මානව හිමිකම් සැසිවාරය අමතමින් සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ වගන්ති නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම හරහා පළාත් සභාවලට පූර්ණ බලතල ලබාදීම, වසර ගණනාවක් තිස්සේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවට තම නියෝජිතයන් පත්කර ගැනීමට අවස්ථාව ලබාදීම, ඒ හරහා ජනවාර්ග අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් සැළකිය යුතු ප්‍රගතියක් හෝ පෙන්වීමට ශ්‍රී ලංකාව සමත්ව නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

යුද්ධය අවස්වීමෙන් පසුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී එකඟ වී තිබුණේ 13 වැනි සංශෝධනයේ බලතලවලටත් එහා ගොස් ජනවාර්ගික අර්බුදය විසඳීමට සූදානම් බවයි. කෙසේ නමුත් අවම වශයෙන් 13 වැනි සංශෝධනය හෝ බලාත්මක කිරීමට ඔහු අසමත් විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර මානව හිමිකම් සැසිවාරය සඳහා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීමට ඉඩ තිබියදී ඉන්දියාවේ මෙම අදහස් දැක්වීම ශ්‍රී ලංකාවට දැඩි අවාසියක් වනු ඇති බවද වාර්තා වේ.

මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් වූ යෝජනාවලදී තුන්වරක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ඉන්දියාව අවස්ථා දෙකකදී ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...