*
Monday, October 7, 2024
spot_img

Latest Posts

යුපුන් ආසියානු තරගාවලියෙන් ඉවත් වේ.

යුපුන් අබේකෝන් ආසියානු තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇත.ඒ ඔහුගේ ආබාධිත තත්ත්වය සුව නොවීම හේතුවෙන්ය.එහිදී ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රධානීන්ට මෙන්ම සියලු මාධ්‍ය සහ ක්‍රීඩා ලෝලීන්ට එම ඉවත්වීමේ හේතුව පැහැදිළි කරන සටහන් යොමු කර ඇත.එය අතිශයින්ම වෘත්තීය ක්‍රිඩකයෙකුගේ ස්වභාවය තේරුම් ගැනීමට වැදගත්ය.ඒ නිසා මෙහිදී ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන් වගකීම් සහගත ආකාරයට ඔහුට ප්‍රතිචාර දක්වන ඉහළම නිලධාරීන්ගේ සිට ක්‍රීඩා ලෝලියා දක්වාම තමන් සතු වගකීම තේරුම් කරගෙන කටයුතු කිරීම වටින්නේය.
රටක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම යනු ඒ රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීමක්ය.ඒ පෙනී සිටීමේ අවස්ථාවට රටම දායක වන්නේය.එසේ දායක වන රටකට තමන්ගේ උපරිමයෙන් තොරව රටේ නම ලෝකයට ඇහෙන්නට කියන්නට සිට ගැනීමෙන් පලක් නැත.යුපුන් ශ්‍රී ලංකාවට දුරින් වෘත්තිය පදනමෙන් ක්‍රිඩාවේ නියැලෙන නිසා මේ ගුණාංග නිතර ඇස ගැටෙන හිතට දැනෙන සිදුවීම් විරල නැතුව විඳින්න ලැබෙනවා සැක නැත.


ඒ නිසා යුපුන්ගේ ප්‍රතිචාර සහ හැසිරීම,ඊට හාත්පසින් වෙනස් බිමක සිටින,වෙනස් පහසුකම් සහ සැළකීම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආදේශ කර “යුපුන් වගේ වෙයං” කියන්නට නොහැකිය.නමුත් යුපුන් වගේ වෙන්නට ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට යුපුන් සිටින රටේ තත්ත්වයට මේ රට පත් කිරීමට රටේ පාළකයන් සූදානම් ද යන්න තේරුම් ගැනීම වැදගත්ය.
පහතින් දැක්වෙන්නේ ඔහු සිය මුහුණු පොත හරහා ශ්‍රි ලංකාවාසී සැමට යොමු කර ඇති ලිපියය.එය තෙරම් බර ද යන්න මෙන්ම ඒ අදහස් දැක්වීමට ශ්‍රී ලංකාව ඇතුළේ ක්‍රීඩා කරන පිරිස් කෙතරම් දුර ද යන්න ද ජාත්‍යන්තර මට්ටම සහ ශ්‍රී ලංකාවේ මට්ටම කියන ඉරෙන්ද බෙදා වෙන් කර හඳුනාගැනීම වැදගත්ය.
සියලුම මාධ්‍ය සහ හිතවත් සියලු දෙනා වෙත.


වසර ආරම්භයේදී අප කණ්ඩායම සැලසුම් කල ආකාරයට මා හට ඉතා හොදින් 2023 ගිම්හාන කාර්තුව ඉතා හොද කාලයන් වාර්තා කරමින් ආරම්භ කිරීමට හැකියාව ලැබුණත් ඉතාලියේ සවෝනාහී පැවති තරගෙයේ දී අවාසනාවන්ත ලෙස නොවැලැක්විය හැකි ආබාධයකට මුහුණ දීමට සිදු වූ බව ඔබ මේ වන විටත් දන්නා කරුණකි. ආබාධයෙන් පසු විශේෂඥයින් ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ අබාධය සුව කරගැනීමට සහ නැවත ප්‍රතිස්ථාපනය (Rehabilitation) ට අදාල අපගේ සීමාව තුළ ඇති සියලුම දේ පසුගිය මාස තුනක කාලය තුල අප විසින් සිදු කරන ලැබීය. එහි තත්වය මා විසින් මාගේ සමාජ ජාලා ගිණුම් හරහා ඔබ සැම දැනුවත් කලේ මාගේ සෞඛ්‍ය තත්වය විමසමින් ඔබ සියලු දෙනා නිරන්තරයෙන් මා දිරිමත් කරමින් මාගේ ජයග්‍රහණ වෙනුවෙන් අවංකව හදවතින් කරන ප්‍රාර්ථනාවන් නිසාවෙනි.


මේ වසර ආරම්භයේ දී අපගේ වර්ෂ අවසාන තරගය ලෙස ආසියානු ක්‍රීඩා උලෙළ ජයග්‍රහණය කිරීම ඉතා විශේෂ ලෙස සටහන්ව තීබූ කාරණයකි. ආබාධයෙන් පසුවත් සියලු තරග සැලසුම් වෙනස් කරමින් ඒ වෙනුවෙන් අපගේ සියලු ප්‍රතිකාර සහ පුහුණුවීම් ඒ වෙනුවෙන්ම සිදු කිරීම අප විසින් සිදු කරන ලද්දෙමු. අප හිම්හාන තරගාවලි කාලසීමාවේ අවසානයට පැමිණ ඇත්තෙමු. ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව ආරම්භයට දින 18 කට පෙර එනම් ඊයේ දින (11 Sep 2023 ) මාගේ අවසාන තත්ව පරීක්ෂාව සිදු කරන ලදී. නමුත් ආසියානු පදක්කමක් දිනාගැනීම සදහා වාර්තා කල යුතුයැයි නිගමනය කල හැකි( පෙර ආසියානු තරගවලි වල පදක්කම් දිනා ගැනීමට වාර්තා කල කාලයන් , සහභාගිවන ක්‍රීඩයින්ගේ පෞද්ගලික හා වර්තමානයේ ඔවුන් වාර්තා කර ඇති කාලයන් ) කාලයන් සියුම් ලෙස පරීක්ශා කල පසු මාගේ වර්තමාන කාලය , සෞඛ්‍ය තත්වයයේ සහ ඉදිරි දින 17 තුළ අපට ලගාකරගත හැකි සහ නොහැකි දේවල් සලකා බලා දීර්ඝ සාකච්ඡාවකින් පසුව මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි නොවීමට තීරණය කල බව ඉතා කණගාටුවෙන් ඔබ සියලු දෙනාහට මින් දැනුම් දෙමි.
තරගාවලි වල තිබෙන වැදගත්කම , ජයග්‍රහණය කිරීමට ඇති හැකියාව සහ අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් තරගවලට සහභාගි වීමට කටයුතු කලත් සෞඛ්‍ය තත්වය මත එම තීරණය වෙනස් කිරීමට සිදුවන අවස්ථා බොහොමයක් ඇත.


ආසියානු තරගාවලිය අප කලාපයේ පැවැත්වෙන ඉතා තරගයක් වන නමුත් තව දුරටත් අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් සහභාගි වනවාට වඩා තරගය ජයග්‍රහණය කිරීම මාගේ ප්‍රධානතම අභිලාෂය විය. ඒ සදහා සියලුම දේ අප විසින් සිදු කල අතර මා විසින් මාගේ උපරිමයටත් වඩා ඒ වෙනුවෙන් කැප වූ බව මාගේ සිතට එකගව ප්‍රකාශ කල හැකිය. එහෙත් අබාධය සුවවීමට ගතවන කාලය , ප්‍රතිකාරයෙන් ප්‍රතිකාරයට අතරමැද වෙන්කිරීමට සිදුවන කාලය , පුහුණුවීම් වල ධාරිතාව වැඩි කිරීමට බලපාන ඉතා වැදගත් කාරණයකි. ඉතා ඉක්මනින් පුහුණුවීම් වල ධාරිතාව වැඩි කිරීම නැවතත් පෙර ආබාධයට හෝ ඊට වඩා විශාල ආබාධයකට ලක්වීමට සිදුවන බව මේ ක්‍රීඩා ආබාධ සම්බන්දයෙන් හදාරා ඇති ඔබ දන්නා කරුණකි.


ලබන වසරේ පැරිස් ඔලිම්පික් උළෙල මාගේ ක්‍රීඩා ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයකි. මේ සියලු තරග , වාර්තා කල කාලයන් ලැබූ සියලු අත්දැකීම් සියල්ල එය වෙනුවෙන් සිදු කරල ලද්දෙමි. ඒ වෙනුවෙන් මා හෙට දින සිට නැවත පුහුණුවීම් සහ ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කරමි. මීටර් 100 වැනි ඉසව්වක ආබාධ ඇති වීම ඉතා ඉහල මට්ටමක පවතින කාරණකි. අප විසින් ඒ අවදානම සෑම අවස්ථාවකම ගෙන තරග කරන නමුත් මේ අවස්ථාවේ නැවත ආබාධක් ඇති වීමට ඇති ඉහළ අවදානම නොගැනීමට අප තීරණය කරන ලද්දේ ලබන වසරේ පැරිස් ඔලිම්පික් උලෙළ අපගේ ප්‍රධාන ඉලක්කය වන නිසාවෙනි.
නැවතත් , ඔබ සියලු දෙනා මා කෙරෙහි විශාල බලාපොරොත්තු තබා තිබෙන බව මා විසින් ඉතා හොදින් දන්නා කරුණකි. එයට උපරිම මට්ටමේ සාධාරණයක් කිරීම වෙනුවෙන් මා ඉතා කැපවීමෙන් මේ කාර්‍යයයේ නිරත වන බවත් ඒ නිසාම මා විසින් ජයග්‍රහණ රාශියක් ලබා ගත් බවත් , ඔබ වෙනුවෙන් , ලංකාව වෙනුවෙන් , දකුණු ආසියාව හා ආසියාව වෙනුවෙන් මා මට හැකි උපරිම දේ මේ වන විටත් සිදු කර අවසන් බවත් මින් ඉදිරියට තව තව ඉලක්කයන් හට ලගාවීම සිදු කරන බවටත් සිතට එකගව ප්‍රකාශ කරමි.
නමුත් මේ සියලු දේවල් වලට ප්‍රථම මාද ඔබ වැනි අයෙකු බවත් මා හටද සියලු වේදනාවන් හැගීම් සියලු දේ ඔබට මෙන්ම දැනෙන බවත් මා හට යා හැකි උපරිම සීමාවේ සියලු දේවල් දරාගෙන පුහුණුවීම් සහ තරගවලට සහභාගී වන බවත් ඔබ හට පැවසීමට කැමැත්තෙමි. නමුත් එම සීමාව අභියෝගයට ලක් කර ලෝක ධර්මතාවන් අභිබවා යා නොහැකි අවස්ථාවන් වල අකමැත්තෙන් උවත් ඒ වෙනුවෙන් හිස නැමීමට සිදුවනු ඇත. ක්‍රීඩාවේ සහ ලෝකයේ ස්වාභාවය මෙය බව අවසානයේ පිලිගැනීමය සිදුවන ඇත.


අවසාන වශයෙන් මා වෙනුවෙන් යහපත ප්‍රාර්ථනා කල ඔබ සියලු දෙනා වෙනුවෙන් හදවතින්ම ස්තූතිවන්ත වන අතර ඉදිරියේදී නැවත වාරයක් ජයග්‍රහණ ලබාගැනීම වෙනුවෙන් මා කැපවෙමි. මා මේ අවස්ථාවේ මාගේ කණ්ඩායමත් , මා හට ප්‍රතිකාර උපකාර කල වෛද්‍යවරුන්ට , විශේෂඥයින්ටත් , මා හට සහයෝගය දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් හා ටීවී දෙරණ ආයතන වලට මාගේ විශේෂ ස්තූතිය මේ අවස්ථාවේ පුද කරමි.
ජයග්‍රාහී වසරකින් නැවත හමු වෙමු. ඔබ සියලු දෙනාහට ජය ප්‍රාර්ථනා කරමි.

  • යුපුන් අබේකෝන්

yupunabeykoon

සටහන – නිස්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan