මාළිමාවට ඇත්තටම රැල්ලක් තියෙනවාද …?

Date:

මාළිමාවේ රැල්ල ගැන ඔවුන්ගේ ප්‍රතිවාදීන්ගේ මතය නම් සීයට තුන තියෙද්දිත් ඔවුන් ගෝල්ෆේස් පිටිය සෙනඟින් පිරවූ බවය.. ඇත්තෙන්ම මේ රැල්ල එවැන්නක් නොවේ..

මේ රැල්ල එතරම් සරළව විග්‍රහ කරගත නොහැක…

මෙය රට කඩා වැටුනු, තෙල්, පැට්‍රල්, බෙහෙත් පෝලිම්වල සහ මැයි නමය අරගලයේ පසුකම්පන රැල්ලකි.. මෙහි අන්තර්ගතය අපේක්ෂාභංගත්වයේ, වෛරයේ, පළිගැනීමේ මහජන චෛතිසිකයයි…

හරිනම් මේ රැල්ල දැකලා බයවෙන්න ඕන ප්‍රතිවාදීන් විතරක් නෙමේ.. මාළිමා නායකයිනුත් බයවෙන්න ඕන.. මොකද මේවගේ රැළි යාහැකි ඉසව් මාළිමා නායකයන්ටවත් පාලනය කිරීමට නොහැකිවීමයි..

එසේම මාළිමාව රට බාරගැනීමෙන් පසු රට නැවත කඩාවැටෙනු ඇතයි අදහස් දක්වන්නන් දැන් දැනගත යුතු දෙය නම් එය ප්‍රායෝගිකව බිමේ සිදුවීමට ඉඩ හැර එය ජනයාට පැහැදිලි වීමට ඉඩහැරීමෙන් මිස ඉන් මෙහා වචනවලින් එය පැහැදිලි කල නොහැකි බවය..

මෙවර යම් හෙයකින් සුළු ප්‍රතිශතයකින් මාළිමාව පැරදුනොත් තත්වය තවත් වර්ස් විය හැකිය.. මන්ද එවිට මේ අපේක්ෂාභංගත්වයේ, කළකිරීමේ, මහජන රැල්ල එයටම ආවේණික නපුරු විකල්ප සොයමින් යටින් තව තවත් වර්ධනය විය හැකිය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

ට්‍රම්ප් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%කින් ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...