වතු කම්කරුවන්ට සහනයක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ (LNW):

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් , සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතාගේ අත්සනින් යුතුවයි.

එම ගැසට් නිවේදනය අනුව සඳහන් වන්නේ, දෛනික අවම මූලික වැටුප රුපියල් 1350 ක් වන අතර , අමතරව නෙළන එක් තේ දළු කිලෝවක් සඳහාම රුපියල් 50 ක අමතර මුදලක් ගෙවිය යුතු වන බවයි.

රබර් වතු සමාගම්වල සේවය කරන සේවකයින් ලබාගන්නා අමතර එක් රබර් කිලෝවක් සඳහා මෙම අමතර ගෙවීම කළ යුතු වේ. ඒ අනුව ශ්‍රමිකයාගේ ඵලදායීතාවය අනුව සීමාවකින් තොරව ඉහළ දෛනික වැටුපක් ලබගත හැකිවේ.

මෙම ගැසට් නිවේදනයට අනුව වතු සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ගෙවීම සඳහා වන අවම සීමාවද රුපියල් 1350 දක්වා ඉහළ යයි. මෙම වැටුප් ඉහළ යාම සැප්තැම්බර් මස 10 වැනිදා සිට බල පැවැත්වෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...