(වොෂින්ටන් වෘකයා)
අපි ජවිපෙට 2015 දි FCID දාල දුන්නත් අල්ලපු එක හොරෙක් නෑ…..!
76 වසක සාපයේ කතාව මහා පචයක් වන හැටි…..?
කපටි නරියා “මා මිත්‍ර අනුර” ලෙස බයිට් කිරීම හිසරදයක්වීම…..?
උසේන් බෝල්ට් ලා එක්ක දුවන මැරතන්කාරයා.!
නරියා නිල් බාල්දියේ වැටීම වෙනුවට ඔළුවට තොප්පි වැටීම……?
පොක්ස්වැගන් මඩේ WAA වාහන කම්හල ලෙස විවෘතවීම…..?
මාළිමා ප්‍රතිපත්ති ගැන මුලින් එයාල කතාකරල විසදගෙන මා එක්ක විවාදෙකට එන්න…..?
මාළිමාවේ අයවැය හිගය රු බිලි 4000 පුරවන හැටි එයාල දන්නෙත් නෑ…..?
දිනන්නත් කළින් ප්‍රචණ්ඩත්වයට ඔටුණු පැළදීම…..?
මැග්නට් අවුල් නම් පෙන්නන දිසාවත් අවුල්..?
අයියා ලෙඩ වුණත් සීයා දිගටම දිවීම……?
ඔළු දෙකයි සීරෝ මොළයයි…..?
“මා මිත්‍ර අනුර” යයි කියමින් කපටි නරියා දිගටම මාළිමා අනුර බයිට් එකට ගැනීම ඔහුට දේශපාලන හිසරදයක් විය.
“මා මිත්‍ර කිව්වම එයාට හරියට තරහ යනවා. තරහ නොගෙන මම වගේ ‘කූල්’ එකේ ඉන්න එපායැ” නරියා මොරටුවේදී කීවිට ඊට “චියර්” කළ පිරිස පසුව හූ තියන්නට වුහ.
“මගේ යාළුවට හූ කියන්න එපා” නරියා සිය මිත්‍රයාගේ කරටියේ ඉතිරි ටිකත් කරකවා දැම්මේය.
“සජබ ට ප්‍රතිපත්ති ප්‍රකාශ 02 යි. “සැමට ජය හා බ්ලූ ප්‍රින්ට්”. ඔළු 02 යි සීරෝ මොළයයි. එකක් කොළඔ සන්නිය අනික…. ??” නරියා සජබට ද නෙලුවේය.
“මම රාජපක්ෂල රැක්කලු. එහෙනම් එයාල මේ වේදිකාවෙ ඉන්න එපාය. මම රැක්කෙ රටේ ජනතාවයි” ඔහු එම චෝදනාව ද බ්ලාස්ට් කළේය.
“මම ඊලග අයවැය හැදුවා.ඒකෙ අයවැය හිගය රු බිලි 1000 යි. ඒක වෙළෙද පොලෙන් අරන් බැලන්ස් කල හැකියි. මාළිමාවේ හීන පොරොන්දු ඉටුකිරීමත් එක්ක එයාලගෙ අයවැයට රු බිලි 4000ක දැවැන්ත හිගයක් එනවා.ඒ සල්ලි හොයන හැටි කියන්න මාළිමාව දන්නෙත් නෑ. ගෝටට ත් වඩා රට අනාථ කරන්න හදන්නේ. අමාරුවෙ වැටෙන්න එපා” නරි උපදේශය එය විය.
“එයාල හොරු අල්ලනවලු. අපි ඇල්ලුවෙ නෑලු. 2015 අපි හොරු අල්ලන්න ආවෙ. ජවිපෙ ඒක බලෙන් බාරගත්තා. අපි FCID දාල දුන්නා. බොරු පfයිල් මිසක් අල්ලපු එක හොරෙක් නෑ” නරියා මාළිමාව උස්සා විසි කළේ කටු වලින් අල්ලලාය.
ජනපති තෝරණ ගිණි වජ්ජුමිබරයේ අන්තිම සතියේ දුවන සියලු දෙනා උසේන් බෝල්ට් ලා වෙලාය. ඒත් කපටි නරියා අහස කඩා වැටුණද කලබල නැත. ඔහු හැල්මේ දුවන්නේ මැරතන් ය. ඒ අතරේ දියත උයනේ තරුණ හමුවකට ඔහු ගියේ නොකියාය.
“අපට සැපේ ඉන්න ආර්ථිකය හදන්න, චිත්‍රපට බලන්න නෙට්ෆිල්ක්ස් දෙන්න” ඊට ප්‍රතිඥා ලැබිණ.
රිෂාඩ් ගේ මන්ත්‍රී පිරිසක් නරියා හමුවූහ.
” රිෂාඩ් සජබ ට ගියත් මන්ත්‍රීවරු ඔබ එක්කයි” පිරිස කීවෝය. මල්පාර කාර්යාලය දැන් පැය 24 පුරාම යුද පිටියකි. සියලු ගේම් හා ප්ලෑන් ගහන්නේ හා දිනකට යන රැළි 3 – 4 තීන්දු කරන්නේ එහිදීය.
“ගීතා දීල තලතා ගත්ත වගේ. අලුත් පිරුළ ඒකයි” වජිර කීවේ සිනා මැදය.
“අයියා ලෙඩ වුණාට සීයා දුවනවා කියලත් එකක් හැදිලා” ඇමති ෂෙහාන් කීවේ ජනපති ඇතුළු කාගේත් සිනා මැදය.
“සෝෂල් මීඩියා වල තිබුණු ඒකාධිකාරිය බිදවැටිලා දැන් ඔබතුමාටත් හුග දෙනෙක් ප්‍රතිචාර දක්වනවා” රුවන් කීය.
“දැන් තරුණ අය 71 – 88 වගේ ගොං නෑ. බුද්ධිමත්. නිහඩයි. කළයුතු දේ දන්නවා” සබරගමු නවීන් ගේ විග්‍රහය ජනපති ඇතුළු කවුරුත් අනුමත කළහ.
“පඩි වැඩි කරන්න කැබිනට් අනුමැතිය නෑ කියල කතාවක් යනවා” ඇමති ෂෙහාන් කීය.
“ඒක අනුමත කළා. මම පොරොන්දු වෙන්න කලහැකි රටට ඔරොත්තු දෙන දේයි. සමහරු ආර්ථිකය ගැන මෙලෝ දෙයක් නොදැන අරක මේක පොරොන්දු වෙනවා” ජනපති කීය.
අගහරුවාදා නරියා නිල්පාට බාල්දියක නොව තොප්පියක් වැටුණේය. හුග දෙනෙකු ඒ ගැන ඇසුවේ මැදවච්චියේදී ය.
“කිලිනොච්චි දෙමළ කතක් මට තොප්පිය දීල අපට කෑම බේත් පෝර ගෑස් තෙල් දීල ජීවත් කරපු නිසා මේක ගන්න කිව්වා” ඇය තම හිසේ තිබූ තොප්පිය දුන්විට සමහරු හිතුවේ නරියා “එපා” කියාවිය කියාය. ගත්තද හිසේ පළදීවි යයි කිසිවකු සිතුවේද නැත.
“උද්දච්ඡ මිනිහා යයි වර්ගවී සිටි නරියා සදළු තළෙන් බැස කම්කරු පංතියට සෙට් වුණේ එහෙමය”
නරියා කුරුණෑගල ආවිට වෘත්තිකයන්ගේ ප්‍රශ්න වැළකි.
“මාළිමාව කියන්නෙ මොකද්ද” අයෙක් ඇසීය.
“මාළිමාව දිසාව හොයාගන්නේ කාන්දමකින්. ඒක අවුල් නම් පෙන්නන පාරත් වැරදියි. දැනටත් ඒක වෙලා නේ” නරියා කොක්හඩ මැද කීවේ ගැඔුරු කතාවකි.
“76 වසක සාපය ගැන මාළිමාව කියනවා. නිදහස ලැබෙන කොට විදුලිය 10% ටත් අඩුයි. අද 95% කට තියෙනවා. එදා ටෙලිපෝන් 3000 අද මිලියන 30 වෙලා.එදා රෝහල් ඇදන් 18,000 අද 96,000 වෙලා. එදා පාසල් 1200 යි අද 10,100 යි” නරියා කීය.
“මම අධ්‍යාපන ඇමති කාලෙ තඔුත්තෙගම කුඩා පාසැලකට බිල්ඩින් හදල ඒක මධ්‍ය විදුහලක් කලා. ඒකෙ හිටපු අනුර දිසානායක ශිෂ්‍යයා ඒ පහසුකම් වලින් ඉගෙන ගෙන ජේ ආර් හදපු කැළණි විශ්ව විද්‍යාලෙට ඇවිත් උපාධි අරන් ජේ ආර් හදපු කෝට්ටේ අගනුවර එතුමාම හදපු දියවන්නා පාර්ලිමේන්තුව ට කාපට් පාර දිගේ ඇවිත් කියනවා 76 වසරක් මුං මුකුත්ම කරල නෑලු” නරියා කීවේ පිරිස බඩ අල්ලාගෙන සිනා වෙද්දීය.
“මේ දවස්වල කෙල්ලන්ගෙ “ක්‍රෂ්” එකත් ඔබයි. ගහන සෙල්පි fb දානවා” චාමර සම්පත් නරියාට කීවේ ද සිනාමැදය.
“අනුරට විවාදෙකට කතා කළේ ඇයි” අකිල ජනපතිගෙන් ඇසුවේ ඇමතුමක් දෙමිනි.
“එයාලගෙ ආර්ථිකය අපනයන එකක්ලු. ඒත් නිදහස් වෙළෙද ගිවිසුම් අහෝසි කරනවලු. එතකොට අපනයන බෑ. මුලින් මාළිමාව ඇතුළෙ කතා කරල විසදගෙනයි අනුර විවාදෙට එන්න ඔිනෑ. සජිත්ටත් ඒකට එන්න කියල IMF අය එක්කත් කතා කරමු” නරියා ගුලියක් ඇඔරුවේය.
“කුලියාපිටිය රැළියට ආවාම පොක්ස්වැගන් කම්හල කෝ අහපු අයට WAA වාහන කම්හල විවෘත කරල පෙන්නමු” අකිල කීය.
“ඡන්ද කාළෙ මාධ්‍ය හැසිරීම කොහොමද” රනිල් ඇසුවේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් දිනිත් කරුණාරත්න ගෙනි.
“මැතිවරණ කොමිසමයි අපියි එකතුවෙලා මාධ්‍ය උපමාන හදල මාධ්‍ය ප්‍රධානීන් හා මැතිවරණයට අදාළ නිළධාරීන් දැනුවත් කරගෙන යනවා” දිනිත් කීවේය.
පසුගිය දා ජනපති පත්තර සාකච්ඡා ලබාදුන්නේය.
“සජබෙන් තව එන්නෙ නැද්ද” අයෙක් ඇසුවේය.
“තව ඔින නෑ. උ / නැ කදුකරය හා වතුකරය අපටයි. දිනලා රටේ ඉතිරි ටික ගොඩ දානවා” නරියා කීවේය.
ජවිපෙ මැරකම් ඇරඔිලා.දේශප්‍රේමී ජාතික පෙරමුණේ සම්මන්ත්‍රණයේදී ජවිපෙ ගැන මත දැක්වූවන්ට පහරදීලා. මාළිමාව දිනුවොත් සෙසු පක්ෂ වල අයට පහර දෙන බව කී හමුදාකාරයාගේ හැසිරීම; ග්රන්ථයක් ලියපු මාධ්‍යකරුවෙක් වැඩකල පත්තරේ ගිණි තියනව කියල තර්ජණදාල එයාගෙ වැඩ නවත්තලා. ජපුර කැම්පස් එකේ පෙරටුගාමීන්ට ගහලා. වැරදිලාවත් ඡන්දෙත් දිනුවොත් මාර වැඩේ වෙන්නෙ” ජනපතිට එවැනි දේ හුග දෙනෙකු කීවෝය.