අපි වැඩ කරන්න දන්න මිනිස්සු – නාමල්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ (LNW):

මහනුවර පැවති ආසන රැස්වීමක් අමතමින්, රටේ මතු පරපුර වෙනුවෙන් දියුණු රටක් නිර්මාණය කිරීමට නම් එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය භාවිත කරන ලෙසට තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඒම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ,

“මේ පණිවුඩය ගමට ගෙනියන්න. අපට වැඩපිළිවෙළක් තියෙනවා. අපි රටට වැඩකරලා තියෙනවා. මේ රටට එරෙහිවෙලා නැහැ. අපේ රටට නොගැළපෙන කිසිදු නීතියක් සම්මත කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපේ ඉලක්කය ඩොලර් බිලියන 180ක ආර්ථිකයකට යෑම.සමහරු අහනවා මේක පුළුවන්ද කියලා. වැඩකරන්න බැරි අයට, වැඩකරලා නැති අයට ඒක කරන්න බැහැ. හැබැයි අපි දන්නවා ඒක කරන විදිහ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...