ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා දින සැමරුම කොළඹ විශ්ව විද්‍යාලයේදී

Date:

අන්තර් ජාතික විශ්වවිදාල ක්‍රීඩා සංගමය සහ යුනෙස්කෝව මගින් ප්‍රකාශිත සැප්තැම්බර් 20 දින ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා දින සැමරුම මෙවර කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට ශ්‍රීලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය කටයුතු සංවිධානය කර ඇත.සමස්ත විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාව අතර ක්‍රීඩා කටයුතු හරහා අන්‍යෝන්‍ය සහජීවනය වඩවාලීම මුල් කොට 2016 වර්ෂයේ සිටප්‍රකාශිත මෙම ක්‍රීඩා දිනය ශ්‍රීලංකාවේ පළමු වරට පැවැත්වූයේ කැලණිය විශ්ව විද්‍යාලයේදී 2020 වසරේදීය.
පසුගිය වසරේදී සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්වින. මෙවර කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන සැමරුම සඳහා නව විශේෂාංග කීපයක් සැලසුම් කර ඇති අතර ඒ සඳහා දිවයිනේ සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල නියෝජනය කරමින් තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 210 දෙනෙකු සහභාගිවීමට නියමිතය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජෙයෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම
අවස්ථාවට දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලයන්හි ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ,උපදේශකවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...