කාන්තා ආසියානු ක්‍රිකට් කිරුළ ඉන්දියාවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 14, කොළඹ LNW :

ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව පරදවා ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අතර , අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක ඉලක්කයක් ලබා දී ඇත.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 111ක් පමණක් බැවින් ඉන්දියාවට ලකුණු 72ක විශිෂ්ට ජයක් හිමිවිය.

ඉන්දීය ඉනිම වෙනුවෙන් ශෆාලි වර්මා සහ ස්ම්‍රිති මන්දනා අර්ධ ශතක රැස් කළ අතර, පන්දු යැවීමේදී ශ්‍රී චරනි කඩුලු 4ක් බිඳ හෙලමින් දස්කම් දක්වා තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 36ක් ලබාගත්තද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...