කොළඹ LNW:සපත්තු තුළ සඟවාගෙන වැලිකඩ බන්ධනාගාරයට මත්ද්රව්ය ගෙනයාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකු අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව වැලිකඩ බන්ධනාගාරයේ ප්රධාන දොරටුව ඇතුළතදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්රව්ය තොගය සොයාගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම බන්ධනාගාරයේම සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙක්ය.
සැකකාර නිලධාරියා පැළඳ සිටි සපත්තු ඇතුළේ සඟවා තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 96ක් සහ හෙරොයින් මත්ද්රව්ය ග්රෑම් 16.7ක් සොයා ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් භාරරයට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.



