අපිට මේක දේශපාලන කාරණයක් කරගන්න බැහැ – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (14) දින මාධ්‍යවේදියකු යොමුකල ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ,  ටීවී සහ රේඩියෝ චැනල් වලින්  පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

” රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඔහු  අග්‍රාමාත්‍ය කාලයේ දී පවා පාර්ලිමේන්තුවේ දී තේරීම් කාරක සභාවක් පත් කර තිබුණා. එහි වාර්තාව පවා තිබෙනවා. එම කමිටුවේ සරත් ෆොන්සේකා මහතා වගේම සුමන්දිරන් මහතාත් සමාජිකයින් විදිහට ඉදලා තිබෙනවා. එම වාර්තාවන් පාර්ලිමේන්තුවේ තිබෙනවා. මේ වාර්තා සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට සෑහීමකට පත් වෙන්න බැරිනම් ,  ඊලග පියවර තමයි රාජ්‍ය නොවන සංවිධාන ටීවී රේඩියෝ චැනල් ගෙන්නලා පරීක්ෂණ කරනවා වෙනුවට ලෝකයේ ත්‍රස්ථවාදීන් , අන්තවාදීන් ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙලා පරීක්ෂණයක් කිරීම විශේෂයෙන්ම ඉන්දියාව එංගලන්තය හා ඇමරිකාව වගේ රටවල රාජ්‍ය ආයතන. නැත්නම් හැමදාම මැතිවරණයක් ළංවන වෙලාවට මේක එලියට එනවා ඊට පස්සේ යට යනවා. අපිට මේක දේශපාලන කාරණයක් කරගන්න බැහැ. හරිවිදිහට පරීක්ෂණ කරන විදේශීය රාජ්‍ය ආයතන වලට පරීක්ෂණ කටයුතු කරන්න අපි අපේ සහය ලබා දෙනවා” ලෙස මන්ත්‍රීවරයා කියා සිටියේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...