මොකද්ද මේ කරගත්තේ …. කියා කතාවෙන සිලින්ඩරයෝ !

Date:

පොහොට්ටු පාටිය කඩාගෙන සිලින්ඩර් පාටියට පැනපු ලොකු පොඩි ගෑස් සිලින්ඩර් සෑහෙන දෙනෙක් කළකිරීමෙන් ලු.

ආවාම දෙන්නම් කියලා පොරොන්දු වෙච්චි බොහෝ දේවල් ලැබිලා නැති ලු. ඒවා ගැන අහන්න කෝල් ගත්තාම ටෙලිෆෝන් එකට උත්තරත් නැති ලු.

දැන් ඉතින් කොහොමත් ඉතුරු තව ටික දවසයි හින්දා ඕවා ලැබෙයි කියලා හිතන්නත් බැරි ලු.

ඒ අස්සේ සමහරුන්ව ප්‍රචාරක වැඩවලට ගන්නෙත් නැති ලු. වැඩකට ගියත් ගණන් ගන්නෙත් නැති ලු. කලින් හිටපු පාටියේදී ලොකු තනතුරු දීලා ඉස්සරහම පේළියේ ඉන්දවාගෙන හිටපු සමහරුන්ට දැන් ලැබෙන්නේ තුන්වෙනි පේළියේ පුටු ලු.

ඔක්කොටම හපන් ඉවසන්න අමාරු වැඩේ ඉස්සර වගේ දැන් ගෙදරට නිතර ජනතාව එන්නෙත් නැති එක ලු. ඉස්සර නිතරම මිනිස්සු ආව ගිය ගෙවල් දැන් පාළුවට ගිහින් ලු.

ඉතින් මේ සිලින්ඩරයෝ “මොකක්ද අපි මේ කරගත්තේ ….?” කියලා තැන් තැන්වල කතා වෙනවා ලු.

~ LNW Gossip

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...